සභ්‍යත්වයේ අගනගරය - අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය කියන්නේ පුරාණ ලංකාවාසීන්ගේ පලවෙනි අගනුවර කියලා කියන්න පුළුවන්..ඒත් ක්‍රි.පූ 377 දී විතර පණ්ඩුකාභය රජතුමා ගේ පාලන සමයේදී තමයි අනුරාධපුරය අගනගරයක් විදියට දියුණු වෙන්නේ..ඇතැම් විට අනුරාධපුරයෙන් ඈතට වෙන්නට යම් යම් කුඩා ස්වාධීන බලප්‍රදේශ තිබුණත් අනුරාධපුර රාජධානියේ අවසානය තෙක්ම අනුරාධපුර රජු මුළු ලංකාවේම අගරජු ලෙසින් සැලකුවා.

දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ලංකාවට බුදු දහම පැමිණීමත් එක්ක ලංකාව ගොඩක් අංශ වලින් වෙනස් වෙන්න පටන් ගත්තා. බුදු දහම ආශ්‍රිතව වෙනම සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒකත්  එක්ක බුදු දහම වටා ගොනුවුණු ලංකාවට අවේණික වුණු සභ්‍යත්වයක් ලංකාවේ ඇති වුණා. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් එක්ක බුදු දහම ලංකාව පුරා අපහසුවක් නැතුව ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත.


කොහොම වුනත් අනුරාධපුර රාජධානිය පැවතුනු මුළු කාලය පුරාවටම දකුණු ඉන්දියාවෙන් එල්ල වුනු අභියෝග වලින් එහෙම අඩුවක් ලංකාවේ රජවරුන්ට තිබුනේ නෑ..ශක්තිමත් පාලකයෙක් අනුරාධපුරයේ පාලකය විදියට රජ කරන කාලවලදී මේ අභියෝග තරමක් අඩු වුනත් දුර්වල පාලකයෙක් අනුරාධපුරයේ රජ වුනු හැම වෙලාවකම වගේ දකුණු ඉන්දියාවෙන් එල්ල වුන ආක්‍රමණයකට ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වුණා..ශක්තිමත් අභ්‍යන්තර පාලකයන් බලයේ නැති වෙනකොට පිටස්තර අභියෝග නොනවත්වා එල්ල වෙනවා කියන එක එදා අනුරාධපුර යුගයේ ඉදන්ම ඔප්පු වුන දෙයක්.


අනුරාධපුර රාජධානියේ ආර්ථිකය මුළුමනින්ම වගේ රදාපැවතුනේ කෘෂි කර්මාන්තය මුල් කරගෙන. මේ හේතුව හින්දම අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය ඉතාම දියුණු මට්ටමකින් පැවතුනු බවට අදටත් ජීවමාන සාක්ෂි අනුරාධපුරයේ පේන්න  තියෙනවා. මහා සාගරය පරදන මහා වැව් අනුරාධපුර රාජධානියේ සෞභාගය නිහඩවම කියල දෙනවා.

ඒ මහා වාරි නිර්මාණ වලට අමතරව රුවන්වැලි මහා සෑය, ජේතවන ස්ථූපය වගේ මහා චෛත්‍ය වගේම ලෝවාමහාපාය වගේ දැවැන්ත ගොඩනැගිලි වලින් එදා අනුරාධපුර රාජධානියේ ඉංජිනේරු ශිල්පයේ දියුණුව මොනවට කියාපානවා.

පණ්ඩුකාභය, දුටුගැමුණු , වළගම්බා වගේ රජවරු අනුරාධපුර යුගයේ හිටපු ශක්තිමත්ම පාලකයින්.. ඒ අතරිනුත් දුටුගැමුණු රජතුමා ගැන මහාවංශයේ ඉතා ඉහලින් වර්ණනා කරනවා.

කලින් සදහන් කරා වගේම අනුරාධපුර රාජධානියට ආක්‍රමණ වලින් නම් අඩුවක් වුනේ නැහැ. අනුරාධපුර රාජධානියට මුලින්ම එල්ල වුනු ආක්‍රමණය විදියට සලකන්න පුලුවන් වෙන්නේ සේන ගුත්තික යන අය එල්ල කරපු ආක්‍රමණය..ඉන් පස්සේ අසේල රජතුමාගේ කාලයේ එළාර නම් කුමාරයෙක් අනුරාධපුරය යටත් කරගන්නවා. දශක කිහිපයකට පස්සේ එලාරව පරාද කරන්නේ දුටුගැමුණු රජතුමා. ඔහු එළාර පරාජය කරලා ලංකාව එක්සේසත් කරලා අනුරාධපුරය අගනුවර විදියට තියාගෙන රට පාලනය කරනවා.


කොහොම වුනත් පසුකාලීනව සිංහාසනයට පත් වුනු පාලකයන් ශක්තිමත් පාලකයන් නොවූ නිසා සුපුරුදු විදියට දකුණු ඉන්දියාවෙන් අනුරාධපුරයට ආක්‍රමණ එල්ල වෙනවා...ක්‍රි. පූ 1017 දී රාජේන්ද්‍ර කියන චෝළ  කුමාරයෙක් ලංකාව ආක්‍රමණය කරලා එවකට අනුරාධපුරයේ පාලකයා වුනු 5 වන මහින්ද රජුව ජීවග්‍රහයෙන් අල්ලාගෙන සිරකරුවෙක් විදියට දකුණු ඉන්දියාවට අරන් යනවා..මේ ආක්‍රමණයත් එක්ක අනුරාධපුර රාජධානිය බිද වැටෙනවා..

ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් වෙන්නේ පොලොන්නරුව..පොලොන්නරුව රාජධානිය ගැන ඉදිරියට කතා කරමු...!!! 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment