උද්ඝෝෂණ ගැන.
මේ දවස්වල වෛද්‍යවරුන්ගේ උද්ඝෝෂණ වැඩවර්ජන ගැන කතා වෙන හැම තැනකම වගේ අහන්න වෙන කතාවක් තමයි කවුරු කොහොම මොනා කිව්වත් අසනීපයක් හැදුණම දොස්තර කෙනෙක් ගාවට එන්න ඕන...එතකොට අපේ ජීවිතය රැදිලා තියෙන්නෙ දොස්තරගෙ අතේ...
ඒ නිසා වෛද්‍ය වෘත්තිය කියන්නෙ ලෝකෙ උතුම්ම සේවය එහෙමත් නැත්තන් වෛද්‍ය වෘත්තිය යනු විශේෂ පහසුකම් සහ විශේෂ වරප්‍රසාද ලැබිය යුතු වෘත්තියක් වගේ කතා...
කවුරුහරි සනීප නැති වුණාම ඒ මනුස්සයා දොස්තර කෙනෙක් ගාවට නැතුව නීතිඥයෙක් ළගට ගිහිල්ලා හරියන්නෙ නෑනෙ...
ඒ වගේම නීතිමය ගැටළුවකදි ඒ මනුස්සයා නීතිඥයෙක් ගාවට නැතුව දොස්තර කෙනෙක් ගාවට ඇවිල්ලා හරියනෙ නෑනෙ...
බිල්ඩින්ග් එකක් හදාගන්න ඕන මනුස්සයෙක් දොස්තර කෙනෙක් ගාවටවත් නීතිඥයෙක් ගාවටවත් ඇවිල්ලා හරියන්නෙ නෑනේ...ඒ මනුස්සයා යන්න ඕන ඒ වැඩේට අදාළ කෙනෙක් ගාවට...
තවත් උදාහරණයක් ගත්තොත් කෙනෙක්ට ළිංගික සේවයක් ඕනනම් ඔහු යන්න ඕන ගණිකාවක් ගාවට මිසක් කාන්තා වෛද්‍යවරියක් ගාවට නෙවෙයිනෙ..
Party එකකට සිංදුවක් කියාගන්න ඕනනම් ඒකට යන්න ඕන ගායකයෙක් ගාවටනේ..
ඒ විතරක්ද නගර සභාවේ කුණු අදින මිනිස්සු දවස් 5ක් වැඩ වර්ජනයක් කරොත් කොහොම තියෙයිද?
මේ සමාජය නියමිත විදියට දුවන්න හැම වෘත්තියක්ම වැදගත්...එක වෘත්තියක් උසස් වෙන්නෙවත් පහත් වෙන්නෙවත් නෑ...
"නජජ්ජා වසලෝ හෝතී-නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී-කම්මනා හෝති බ්රාහ්මණා"
කෙනෙක් උපතින් වසලයෙකු හෝ බ්‍රාහමණයෙකු නොවේ..කෙනෙක් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ ක්‍රියාවෙන් පමණි...
ඒ වගේමයි කෙනෙක් වෘත්තිය අනුව උසස් හෝ පහත් වන්නෙ නැත..කෙනෙක් උසස් වන්නේ තමන් කරන ක්රියාවන්ගෙන්ම පමණි.!!!
-ප්‍රමිත් ගනේආරච්චි.
0 comments:
Post a Comment