"...අප්පච්චි..."
//ඩඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ//
අප්පච්චි ගැන මට තියෙන පරණම මතකය මේ කවිය...
අප්පච්චි ගැන මට තියෙන පරණම මතකය මේ කවිය...
පොඩි කාලයේ මට පොඩි හතිය ගතියක් තිබ්බා..රෑට නින්ද යන්නෙ නැහැලු...ඉතින් අපේ අප්පච්චි එළිවෙනකන් මාව වඩාගෙන ඔය කවිය කිය කිය මාව නලවනවා...ඇදෙන් තියනකොට ආයෙ අඩන නිසා එහෙමම වඩාගෙන ඉන්නවාලු..
චූටිම කාලෙ අතින් නාහෙ මිරිකලා හොටු අයින් කරනකොට මට රිදෙනවා කියලා නාහෙට කට තියලා කටින් නාහෙ උරනවාලු...හුස්ම ගන්න ලේසි වෙන්න..
ඒ මං චූටිම කාලෙ...
A/L කාලෙ වගේ වෙනකොට බස් වල එහෙම පරිස්සමින් යන්න, Foot board එකේ යන්න එපා කියද්දි ඉතින් ඒවා අහන් ඉන්න හරී අමාරුයි...
ඊට පස්සෙ 6 වසරෙදි මං ශිෂ්‍යත්වෙන් ආනන්දෙට ආවම කොළඹ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති පොඩි එකාව ලොකු බෑග් එකත් උස්සගෙන අතින් අල්ලන් ඉස්කෝලෙට ගිහින් දැම්මේ අපේ අප්පච්චි...
තව තව ලොකු වෙද්දි දේවල් කරන්න උපදෙස් දෙද්දි හිතෙන්නෙ "මෙයා අපිට අපහාස කරනවනේ මේ වගේ චූටි දෙයක් අපිට කරගන්න බැරිද" කියලා...
ඔව් අපි දැන් ලොකුයි...අපිට දේවල් තනියම කරගන්න පුළුවන්...ඒත් අපි එයාලට තාම අර වඩාගෙන නලවපු පොඩි උන්මයි...
ඉතින් පුළුවන් තරම් ඒ වගේ අවස්ථාවලදී කේන්ති නොගෙන ඉන්න බලමු...මාත් උත්සහා කරනවා ඒකට...
නැත්තන් දවසක අපිට පිටකරගන්න බැරි වේදනාවක් හදවත කොනක ඉතුරු වෙයි...!!!!
0 comments:
Post a Comment