වළාකුළු වලින් පිරුණු අහස බරවෙලා තිබ්බෙ කොයි වෙලේ කඩන් වැටෙන්නද කියලා බලාගෙන...
මුහුණ හෝදගෙන ඇවිල්ලා එයා ගාවින් වාඩි වුණේ තේ දෙක අත් දෙකට අරගෙන..
කදුළු වලින් බොද වුණු ඇස් වලින් හිනාවෙන්න අහිංසක උත්සහයක් කරාට හිනාවක් මුණට ආවෙ නෑ...කදුළු කැට දෙකක් ඇස් දෙකේ දෙපැත්තෙ ගලාගෙන වැටුණේ මං බලා ඉද්දිම.
අඩන්න එපා කියලා කියන්නෙ නැතුව ළගට අරන් පපුවට තුරුළු කරගත්තෙ අඩන්න එපා කියලා වැඩක් නෑ කියලා දන්න නිසා...
"ඇයි මහත්තයෝ මට මෙහෙම වුණේ...? මං කාට කරපු වැරැද්දක්ද මේ පල දුන්නෙ?"
මට එක වචනයක්වත් ගළපගන්න බැරි වුණා...
එයාගෙ reports ආවෙ අද...එයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයිලු...
ඒක දැනගත්ත වෙලාවෙ එයාගෙ කටින් මුලින්ම පිටවුණේ "ඔයා මාව අතාරින්න මහත්තයෝ" කියලා
ඊට පස්සෙ තමයි එයා අඩන්න පටන් ගත්තෙ...
ගෙදර එනකනුත් ඇඩුවා..
මට අඩන්න බෑ...මං ඇඩුවොත් එයාට ඒක දරා ගන්න බැරි නිසා...ඒ හින්දයි ආපු ගමන්ම Bathroom එකට වෙලා තනියෙන් අඩලා මුණ හොදගෙන ආවෙ...
"තේ එක බීල ඉන්නකො මැණික"
"මේ වද ගෑණි ඔයාට මැණිකක් නෙවෙයි මහත්තයො දැන්."
"ෂ්ෂ්ෂ්ෂ්ෂ් කවදාවත් ආයෙ කවමදාවත් මට ඇහෙන්න ඔය කතාව කියන්න එපා හරිද.."
ඔයාට මං අදටත් ආදරෙයි ඊයේ වගේම...හැමදාටම...!!!!
වැස්ස කඩන් වැටෙන්න පටන් ගත්තා...!!!
0 comments:
Post a Comment