චූටි කතාවක්...!!!


මං ගෙදර ඉද්දි අම්මා එක්ක පස්සෙන් වැටිලා කයිය ගහ ගහ හිටියට සාමාන්‍යයෙන් සිකුරාදා ගෙදරින් ආවාම සදුදා ගෙදර යනකන්ම උවමනාවකට ඇරුණම ගෙදරට call කරන මනුස්සයෙක් නෙවෙයි...!!!
(මගේ හැටි දන්න මිනිස්සු ඒක තේරුම් ගත්තට මගේ සෑහෙන්න ලොකු අඩුපාඩුවක් ඒක)
ඊයෙ මල්ලි ගෙ course එකක් පටන් ගන්න එයාව කොළඹ නවත්තලා ආවා...
මිනිහා ගෙදරින් එළියෙ එහෙම තියලම නැති නිසා අම්මා හවස් වරුවම බලන් ඉන්නවා දැන් එයාගෙන් call එකක් එනකන්...
විනාඩි ගාණකට කලින් මගේ කාමරේට ඇවිල්ලා කියනවා මල්ලි call කරේවත් නෑ කියලා...අයියගෙම මල්ලිනෙ 😁
මං එවෙලෙම කාමරේ ඉදන් මල්ලිට call කරලා කිව්වා අම්මා කතා කරන්න කලින් එයාට call එකක් ගන්න කියලා...
මල්ලි එවෙලෙම call කරන සද්දෙ ඇහුණා...
අම්මා "මගේ පුතේ" කියලා phone එක answer කරන සද්දෙ විතරයි ඇහුණේ...
එයාගෙ මූණෙ ඒ call එක එනකොට එන්න ඇති හිනාවෙ තරම කාමරේ හිටපු මට මැවිලා පෙනුනා...
එයා දන්නෙ නෑ මං මල්ලිට කතා කරලා call කරන්න කිව්ව කියලා...එහෙම දන්නවනම් ඒක අගයක් නෑනෙ...
ඒත් ඒ පොඩි දෙයින් එයාගෙ මූණට ආපු හිනාව...!!! 
හිතාගත්තා මේ සතියෙ කොළඹ ආවම හවසට අම්මට call එකක් දීලා අද එයා මේ විදපු සතුට ආයෙත් සැරයක් එයාට විදින්න දෙන්න ඕන කියලා...
අපි ආදරය කරන අයව සතුටු කරන්න අපේ අතින් අමතක වෙන මේ වගේ චුටි චුටි දේවල් වලට පුළුවන් බව මතක තියාගමු...!!!


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment