දිව්‍යා

තද රතු පාට සාරිය 
පිට මැදට වැටුණු ලා දුඹුරුපාට කොණ්ඩෙ...
දිග ඇස් පිල්ලම්...
තද කළු පාට ඇස්...

සුරංගනාවියක් මෙන්න මේ වගේ ඇති කියලා පුංචි කාලෙ මැවිලා තිබ්බ රූපයට එයාව හරියටම ගැළපුණා...
කෙල්ලො ඕන තරම් ආශ්‍රය කරලා තිබුණා....ඒත් මේ පාර  හිතට ආවෙ ඒ වෙන කිසිම කෙනෙක් දැක්කම ආපු හැගීම නෙවෙයි...
ඒක වෙනස්ම හැගීමක්...
හරියට අලුතෙන් ඉපදුණා වගේ...
එහෙමත් නැත්තන් දීර්ඝ රාත්‍රියකට පස්සෙ පහුවෙනිදා ඉර පායනවා වගේ...
ඒ හැගීම අපූරුයි...
ජීවත් වෙන්න ආස හිතෙනවා ඒ හැගීම එක්ක...
කතා කරන්න ඕන එයා එක්ක...
අදුරගන්න ඕන එයාව...

මොනාද අහන්නේ ඒත්...

හායි 
අදුරගන්න පුලුවන්ද මාව?
- ම්ම්ම්ම්ම් සොරි මට එක පාරටම මතක් වෙන්නේ නෑනෙ...

ආ ඒකට  කමක් නෑ...අපි අන්තිමට හම්බුනේ අවුරුදු ගාණකට  කලින් 
- අපි හම්බෙලා තියෙනවා?

ඇයි අපි 2012 Inter School Debating Tournament එකේ ෆයිනල් එකේදී හම්බුනානේ..ඔයා නේද සිරිමාවෝ එකේ  ඩිබෙටින් කැප්ටන්?
- අනේ නැහැ මං සිරිමාවෝ නෙවෙයි..අනික මං කවදාවත් ඩිබෙටින් කරලා නෑ...

එයා එහෙම කිව්වේ හිනාවෙන ගමන්...සමහරවිට එයාට තේරෙන්නැති මං කරේ බොරුවක් කියලා...

අහ් සොරි එහෙනම් මං  හිතුවේ වෙන කෙනෙක් කියලා...Sorry again.. මං දිනුක..
- මං දිව්‍යා..Nice to meet you...තව දෙයක්...

ඔව් කියන්න 

හැම පාර්ටි එකකම ඉන්න ලස්සනම කෙල්ලෝ කීයක් ඔයා එක්ක Debate Final වල ඉදලා තියෙනවද අහ් ?  තමන්ව Introduce කරලා දෙන්න ඔච්චර මහන්සි වෙන්න  ඕන නෑ...මම දිනුක කියලා කිව්වනම් ඇති.

එයා එහෙම කිව්වේ ඇහැක්  පුංචි කරලා දඟකාර හිනාවක් දාලා 

ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් මාව පරාද කරා...

හැබැයි ඒ පරාජයට මං කැමතියි..

ඔව් එයා තමයි කෙනා...!!!

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment