පවුල් අවුල් වෙන්නේ ඇයි ?


අපි කසාද බදින්නේ මේ විදියට දෙන්න දෙපැත්තට හැරිලා තරහ වෙලා කතා කරන්නේවත් නැතුව නිදගන්නද ? ඕනම කෙනෙක්ගේ උත්තරය වෙන්නේ "නෑ" කියන එකනේ.....ඒත් ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි විවාහ ජිවිතයේ ගැටළු කියන්නේ...

සාමාන්‍යයෙන් ඕනෑම දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්ත මුල්ම කාලයේ නිකන් ඒ ආදර කතාව තමයි ලෝකේ තියෙන හොදම ආදර කතාව..දෙන්නට දෙන්න නැතුව ඉන්නම බෑ..හැමවෙලේම හම්බ වෙන්න ඕන, කතා කරන්න ඕන...හැමවෙලාවෙම හිතන්නේ කොහොමද අපි එකතු වෙන්නේ කියලා..

ඇත්තම කිව්වොත් ඉතින් විහිලුවට කරන්න විතරක් යාලු නොවුණු ඕනම කපල් එකක හීනය තමයි කවදාහරි දවසක එක වහලක් යටට එන එක..මේ තරගකාරී කාර්යබහුල ලෝකය ඇතුලේ තමන්ගේම කියල චුටි ලෝකයක් හදාගන්න එක...විශේෂයෙන්ම කොල්ලටත් වඩා ඒ හීනය ගොඩක් වෙලාවට දකින්නේ කෙල්ල...තමන් ආදරය කරන කෙල්ල එක්ක ඒ වගේ චුටි ලෝකයක් හදලා තමන් ආදරය කරන කෙල්ලව ඒ ලෝකේ අග රැජිණ කරන්න හීන මවන කොල්ලොත් මේ ලෝකේ නැත්තේ නෑ..ඒ නිසා ඒ වගේ හීනයක් දකින එක කෙල්ලොන්ට විතරක් පොදු දෙයක්ම නෙවෙයි..

කොහොමහරි දෙන්නගේ සම්බන්ධෙට  එන්න පුළුවන් දහසකුත් එකක් කරදර බාධක මැද්දේ අන්තිමට කොල්ලයි කෙල්ලයි ආදරය ජයගත්තා කියමුකෝ..ඔන්න දැන් කොල්ලයි කෙල්ලයි කසාද බැන්දා..දැන් තියෙන්නේ යාලු වෙලා ඉන්න කාලේ ප්‍රර්ථනා කරපු හීන  දැකපු විදියට සැපෙන් සතුටින් පවුල් කන්න..!!!

හැබැයි එහෙම වෙනවද?

අන්න එතන තමයි ප්‍රශ්නේ..එහෙම වෙන්නේ නෑ...අපි එහෙම "කරගන්න ඕන"... හොදට මතක තියාගන්න ඒ වචනේ...අපි යාළුවෙලා ඉන්න කලේ මවපු ලස්සන ලස්සන හීන ඉබේ හැබෑ වෙන්නේ නෑ..ඔයයි එයයි එකතු වෙලා ඒ හීන හැබෑ  කරගන්න ඕන..හැබැයි මතක තියාගන්න ඒක  කරන්න පුළුවන් ඔය දෙන්නටම විතරයි..

ඔයාලගේ අම්මට තාත්තට ඔයාලගේ යාලුවන්ට ඔයාලගේ නෑදෑයන්ට.......හෝව් හෝව් වරදීමක් වුණා..නෑදෑයන් ගැනනම් මතක් කරන්නවත් එපා... ඒ මිනිස්සුන්ට නම් කවදාවත් ඕන නෑ ඔයාල දෙන්න මේ ලෝකේ සතුටින්ම ඉන්න කපල් එක විදියට කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්න එකට..ඒ වෙන මොකක්වත් හින්ද නෙවෙයි ඔයාල එහෙම හිටියොත් එයාලට කතා කරන්න මාතෘකා නැති වෙනවා..

අනිත් කණ්ඩායම තමයි අසල්වාසීන් කියන්නේ...ගෙදරින් ලාවට පොඩි රන්ඩුවක සද්දයක් ඇහෙනකන් ඉන්නේ කතාවක් හදන්න..ඒ නිසා මතක තියාගන්න ඔබේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න ඕන කියන එක සම්පුර්ණයෙන්ම ඔබේ අතේ තියෙන දෙයක්..

දැන් ආයෙත් කතාවට ආවොත් පවුල් අවුල් වෙන්න ලොකුම හේතුවක් තමයි අපි යාළුවෙලා ඉන්න කාලේ මෙයා මෙහෙම ඇති ,එයා මෙහෙම කරනවා ඇති ,මේ විදියට ඉන්නවා ඇති කියල අපි හිතන් හිටපු දේවල් ඒ විදියම නෙවෙයි කියල අපිට පෙන්න ගන්න එක...

ඒක එහෙම වෙන එක සාමාන්‍ය  දෙයක්..මොකද දෙන්නෙක් තැන් දෙකක ඉද්දි අපිට පෙන්නේ ඒ කෙනා අපිට පෙන්වියයුතුයි කියලා ඔහු හෝ ඇය හිතන දේවල් විතරයි...උදාහරණයක් විදියට කිව්වොත් ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ Affair එකක් තියෙනවා...මේ කොල්ලගේ කාමරේ නිකන් පිස්සන් කොටුවක් වගේ..ඇඳ උඩ  පොතුයි ඇඳුමුයි සපත්තුයි කෑමයි හැම දෙයක්ම තියෙනවා...

හැබැයි කොල්ල කෙල්ලට Video Call එකක් ගනිද්දී අර ඇඳ උඩ තිබ්බ ඒවා ඔක්කොම එහෙමම රෙදඩ පිටින්ම බිමට දාල රෙද්ද විතරක් ඇදේ  තියෙන්න ඇරලා තමයි කෝල් එක ගන්නේ..එහෙම කරන්නේ අර කෙල්ලව රවට්ටන්න හිතාගේනවත් එහෙම නරක චේතනාවකින්වත් නෙවෙයි..එත් ගොඩක් වේලාවට වෙන්නේ ඒක...ඉතින් කෙල්ල මොකක්ද එතකොට හිතන්නේ.."හරි පිළිවෙලට අස්පස් කරන් ඉන්න කොල්ලෙක්." හැබැයි කසාද බැන්දම මොකද වෙන්නේ..මෙන්න මේක එලියට එනවා...

ඒ වගේමයි අනිත් පැත්තත්...කොල්ල කෝල් කරද්දී කෙල්ල කියනවා දැන් ආවේ අනේ අම්මට උයන්න උදව් කරලා කියලා...කොල්ල හිතන්නේ "අනේ කොච්චර හොද කෙල්ලෙක්ද..කසාද බැන්දට පස්සේ මොනවා නැතත් රහට කෑම ටිකක් හරි කාල ඉන්න පුළුවන්නේ"කියලා...හැබැයි බැලින්නම් කෙල්ල ඇත්තටම කරලා තියෙන්නේ අම්මට ළූණු ගෙඩි දෙකක් සුද්ද කරලා දීපු එක...!!! ඉතින් හරිනේ..උයන්න උදව් කරලා...


මට මේ කියන්න ඕන වුනේ අවුරුදු 10ක් ආදරය කරත් වැඩක් නෑ..දෙන්නෙක් හරියටම අදුරගන්න ඒ දෙන්න එකට ජිවත් වෙන්නම ඕන...ඔන්න ඔතනදි තමයි Living Together වගේ සංකල්පයක වටිනාකම මේ වගේ රටවල් වලට දැනෙන්නේ...හම්මොහ් Living Together..ඊයා කෝ මිනිහෝ සමුස්කුතිය...ස්හුෂ් ස්ෂුහ්..වහප් කට.. හරි හරි කට වහගත්තා...

දැන් චුට්ටක් චුට්ටක් වගේ පේනවා නේද ආදරය කරන කාලේ තිබ්බ මැජික් එක බැන්දට පස්සේ ඒ වගේම තියාගන්න ඕන නම් ඒක ඉබේ වෙන දෙයක් නෙවෙයි අපි විසින් කරගන්න ඕන දෙයක් කියල ?

අන්තිමට කියන්නේ ආදරය කරන කාලෙම පුළුවන් තරම් එයාලට අපේ ඔරිජිනල් ස්වභාවයම එයාලට දැනෙන්න දෙන්න..කාමරේ අස්කරගත්තේ නෑ කියලා, චුට්ටක් ඩ්‍රින්ක් එකක් දැම්ම කියල උඹේ කෙල්ල උඹව දාල යන්නේ නෑ... මේ ලෝකේ ඉන්න හොදම චෙෆ් ටත් වඩා රහට කෑම උයන්න බැරි වුණා කියලා ඔයාගේ කොල්ලා ඔයාව දාල යන්නෙත් නෑ....

හැබැයි තව එකක්...ඔයාල මොන දේ කරත් කොයි විදියට හිටියත් යන එකා නම් යනවාම තමයි..ඒක කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලන්ටම පොදුයි... ඒ නිසා පුළුවන් තරම් අපේ මේ ඔරිජිනල් විදියට ආදරේ කරන මනුස්සයෙක් හොයාගන්න කරන්න...එයාලට අපේ ඇත්ත ස්වරූපය පෙන්න දෙන්න..හරියන්නේ නැත්තන්, ඉන්න අමාරු නම් කසාද බැදලා වෙන් වෙනවට වඩා යාළුවෙලා ඉන්න කාලෙම ඒ වෙනස්කම් තේරුම් ගන්න එක සෑහෙන්න වටිනවා..

ටිකක් දිග වැඩි වේගෙන එනවා වගේ නෙහ් ?

තව දේවල් ටිකක් කතා කරමු ඉස්සරහට..

මම ප්‍රමිත් ගනේආරච්චි.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment