"හිරු මැකී යයි නීල අහසේ"


උදේ ඉදන්ම චුරු චුරු ගගා වැහපු වැස්සට මඩ වෙච්ච පාරවල් දිගේ ඇවිදන් ආපු ඔයා මගේ ළගින්ම පඩි පෙළ බැහැලා පන්තියට ඇතුළට යද්දි ඔයාගෙ කොණ්ඩෙන් ආපු සුවද මට තාම මතකයි...

හරියටම කිව්වොත් අවුරුදු 5යි මාස 4යි දවස් 12කට කලින්..

ඔයා ඇදන් හිටියේ ලා රෝස පාට t shirt එකක්.

මතකද සිංහල පංතියේ සර් උගන්නද්දි මං ඔයාගෙ පිටිපස්සෙ බංකුවට වෙල ඔයා දිහා බලන් හිටපු හැටි...

A/L සිංහල පංතියට ආපු ඔයාව මුලින්ම දැක්ක දවසේ මං ඔයත් එක්ක හිනා වුනේ නෑ....

ෆයිල් එකේ දාපු පොත් ටික පපුවට තුරුල් කරන් ඔයයි මුලින්ම හිනා වුනේ...

ඔයා බස් එකට නගිනකන් මං රේල් පාර ගාව ඉදන් බලන් හිටියා...

සතියක් ගෙවිලා පංති දවස එන්කන් ඉවසිල්ලක් නැතුව ඇගිලි ගැන්නෙ ඉගෙන ගන්න තියෙන ආසාවකට වඩා ඔයාගෙ මූණ දකින්න තිබුණ ආසාව නිසා...

"සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි" සින්දුව ඔයාගෙ ඇස් දිහා බලගෙන මං කියපු දවසේ මොකක්දෝ ලැජ්ජාවකින් බිම බලාගත්ත විදිය කොහොමද අමතක කරන්නෙ මං...!!!

කාලය ගත වුණාට මට මගේ නිහඩකම බිදගන්න බැරි වුණා...

එක දවසක් මං දැක්කා බයික් එකෙන් ආපු කොල්ලෙක් ඔයාව බයික් එකට නග්ගගන්නව...

මං ගෙදර ගිහින් මටම බැනගත්තා ඇයි මං ඔයාට වෙන කෙනෙක්ගෙ වෙන්න දුන්නෙ කියලා...

අපි සිංහල පංතියට සමුදෙනකොට "හිරු මැකී යයි නීල අහසේ" සිංදුව මං කිව්වෙත් ඔයා දිහා බලාගෙන...එදා ඔයාගෙ ඇස් වල වැටෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බ කදුළු කැට දිළිසෙනවා මං දැක්කා...

අද ඔයා වෙන කෙනෙක්ගෙ මනාලියක් වෙලා මගේ කැමරාව ඉස්සරහ හිටගෙන ඉන්නවා...

මං තමත් කැමරාව ඇතුළෙන් එදා ලා රෝසපාට t-shirt එක ඇදන් හිටපු පුංචි කෙල්ලව දකිනවා...!!!

( ඡායාරූපය facebook එකෙන් උපුටාගන්නා ලද ඡායාරූපයකි...😃)
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment