"දෙවියන්ගේ නග‍රය"



සීගිරිය එහෙමත් නැත්තන් සිංහගිරි කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම 
පළාතේ දඹුල්ල නගරය අසල උතුරු මාතලේ දිස්ත්රික්කයේ පිහිටා ඇති පැරණි ගල් බලකොටුවක්.අපි හැමෝම පොඩි කාලේ ඉදන් අහල තියෙන විදියට සිගිරිය තමන්ගේ වාසභවනය කරගෙන ජිවත් වෙලා තියෙන්නේ කාශ්‍යප රජතුමා..ඉතිහාසයේ කියවෙන විදියට ඔහු මේ පර්වතය උඩ තමන්ගේ මාලිගාව හදල එහි පැතිවල වර්ණවත් බිතුසිතුවම් අලංකාර කරලා තියෙනවා..කාශ්‍යප රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රාජකීය මන්දිරය අතහැර දාල තියෙනවා... 

ගොඩක් දෙනෙන් දන්නා ජනප්‍රිය කතාවට අනුව කාශ්‍යප කුමාරයා තමන්ගේ තාත්ත වෙච්ච ධාතුසේන රජතුමා මරල සිංහාසනය පැහැරගනිද්දී ඔහුගේ සහෝදරයා වුනු මුගලන් කුමරු ජීවිතාරක්ෂාව පතල ඉන්දියාවට පැනලා යනවා.. මුගලන් සේනා සංවිධානය කරගෙන තමන්ගෙන් පලිගන්න කොයි වෙලාවක හරි එයි කියන භය එක්ක කාශ්‍යප රජු මේ සිගිරිය බලකොටුව ඉදිකරා කියලා තමයි කියන්නේ..


කොහොමහරි කාශ්‍යප සහ මුගලන්  දෙන්නා අතර සටනෙන් මුගලන් කුමාරයා දිනනවා..ඉතිහාස කතා වලට අනුව කාශ්‍යප රජතුමා පරාජයත් එක්කම සියදිවි හානිකරගන්නවා...

ලාල් සිරිනිවාස් සහ මිරැන්ඩෝ අබේසේකර කියන විදියට සීගිරියේ ඉතිහාසය රාවණා  රජ්ජුරුවන්ගේ කාලයටත් එහාට යනවා..ඔවුන්ගේ මතය වෙන්නේ සිගිරිය කියන්නේ "ආලකමන්දාව" එහෙමත් නැත්තන් "දෙවියන්ගේ නග‍රය" කියලා...

රාවණාවත පුස්කොල පොතට අනුව සිගිරිය නිර්මාණය කරලා තියෙන්නේ වෙසමුණි රජතුමාගේ උපදෙස් අනුවලු..මේ වෙසමුණි රජතුමා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි රාවණා  රජතුමාගේ තාත්තා...!!!

මේ කාලය වෙනකොට සිගිරිය හදුන්වලා තියෙන්නේ ආලකමන්දාව කියන නමින් කියලා කියවෙනවා... කුවේර රජතුමාගේ කාලයේදී සීගිරිය හදුන්වලා තියෙන්නේ "චිත්‍රණ කූඨ" කියන නමින්...සිගිරි පර්වතයේ ඇදලා තියෙන ලස්සන ලස්සන චිත්‍ර දිහා බැලුවම මේ චිත්‍රණකූඨ  කියලා හදුන්වලා තියෙන්නේ සිගිරිය කියලම හිතන්න බැරිකමක් නෑ..
රාවණා රජතුමාගේ මරණෙන් පස්සේ විභීෂණ අගනුවර කැලණියට අරන් යනවා...

සිගිරිය හා බැදුන කතා ගොඩක් අපිට ඉතිහාසයෙන් හම්බ වුණත්  ඒ හැම කතාවක්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙලා නැහැ. එත් එක දෙයක් පැහැදිලියි..අද අපේ රට තියෙන තැන ගැන හිතුවොත් අපිට දැනෙන්නේ මහා කම්පාවක් වුනත් අවුරුදු දහස් ගානකට කලින් හිටපු අපේ මුතුන් මිත්තෝ අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉදලා තියෙනවා කියන එක නම් පැහැදිළියි..අපේ රටේ හිටපු ඒ මුතුන්මිත්තෝ කරපු නිර්මාණයක් විදියට සිගිරිය අදටත් දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආදරයට බදුන් වෙමින් වැජඹෙනවා..!!!




Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment