වෙනසක කතාවක්.

අද කොළඹ එන බස් එකට අපේ වයසෙම වගේ තරුණයෙක් නැග්ගා බැදපු කජු විකුණන්න...
හැමදාම දකින කජු විකුණන මිනිස්සුන්ගෙන් වෙනසක් තිබුණා ඔහුගේ...
හරිම පිළිවෙළට ඇඳලා...පරණ පත්තර කොළ කෑලි වලින් නෙවෙයි කජු ගොට්ට හදලා තිබුණෙ..(කජු ගොට්ට කියන එක දන්නේ නැති පොස් නංගිල මල්ලිලා සමාවෙන්න)

පිරිසිදු සුදු පාට කොළයකින් කජු ගොට්ට හදලා, ඔහුගේ නම ලිපිනය දුරකතන අංකය ගහපු රතු පාට සීල් එකක් ගහලා...
ඔහු කියනවා "මේ දැන් බැදපු පිරිසිදු රටකජු..ගල් වැලි අපිරිදු දේවල් තියෙනවනම් දුරකථන අංකයට කතා කරලා පැමිණිලි කරන්න" කියලා..
ඔහු ගෙනාපු මුළු කජු ප්‍රමාණයම ඉවර වෙන තරමටම වගේ බස් එකේ මිනිස්සු ඔහුගෙන් කජු ගත්තා...කජු ගොට්ටක් විකුණන්න මොන මාර්කටින්ද කියලා හිතන්නෙ නැතුව මිනිහා වෙනස් විදියකට හිතලා..වැඩේ ලස්සනයි...
කජු කන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැතත් මාත් කජු ගොට්ටක් ගත්තේ ඔහුගේ නිර්මාණශීලී මනස අගයන්න...
මේ නිර්මාණශීලී මානසිකත්වය කැම්පස් ගිහිල්ලා උපාධියකුත් අරන් "රස්සා දියව් දියව්" කියලා උපවාස උද්ඝෝෂණ කරන තරුණ තරුණියන්ටත් තිබේ නම් රජයේ මොකක්හරි අඩු පඩියකට ජීවිතයම කඹුරන්නේ නැතුව තමන්ටම ආවේණික නිර්මාණශීලී විදියකට ජීවිතය ජයගන්න බැරි වෙයිද?
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment