සමන්තබද්‍ර (හිමි) සහ අනාගතය

සිද්ධාර්ථ කියන්නෙ මේ ලෝකය ගැන වෙනස් විදියකට දකින්න උත්සහා කරපු මනුස්සයෙක්...එදා සමාජයේ තිබුණු ආගමික මත වලට වඩා වෙනස් යමක් දැකපු , ඊට වෙනස් යමක් හොයාගෙන ගියපු කෙනෙක් කියලා තමයි අපි ඉගෙන ගෙන තියෙන්නෙ...
පසුව සිද්ධාර්ථ කියන කුමාරයා යමක් හොයාගන්නවා...අපි එතැන් පටන් ඔහුව ගෞතම බුදුන් කියලා වෙනස් නමකින් හදුන්වනවා..
බුදු හාමුදුරුවො එදා උන් වහන්සේගේ "අලුත් දර්ශනය" සමාජයට කියද්දි මිනිස්සු උන් වහන්සේට නානාප්‍රකාරයේ දේවල් කියන්නැති...එදා සමාජයේ මුල් බැහැගෙන තිබුණු බමුණු දහමට වෙනස්ව ඉගැන්වුණු ඒ අලුත් දහමට එදා බමුණු සමාජයෙන් දැඩි විරෝධයක් එන්න ඇති...
දේවදත්ත බුදු හාමුදුරුවන්ට ගල් පෙරලුවා...රා පොවපු ඇතෙක් උන් වහන්සේ ඉස්සරහට එව්වා... උන් වහන්සෙට අපහාස කරන්න එක එක කාන්තාවන් යොදවලා නොයෙක් කතා හැදුවා...අපි එදා හිටියේ නෑ...අපි එදා මේ දේවල් දැක්කෙ නෑ...අපි මේවා ගැන කියලවා, අහලා විතරයි තියෙන්නෙ...
වැදගත්ම දේ අපි දන්න විදියට එදා බුදු හාමුදුරුවො කියපු ඒ දහමට නමක් තිබුණේ නෑ... බුදු දහම, බෞද්ධ දර්ශනය එහෙමත් නැත්තන් සරලවම බුද්ධාගම කියන නම ඒ දහමට වැටුණේ පස්සෙ කාලෙ...අපියි ඒ නම දැම්මේ...
දැන් වර්තමානයට එමු...
පිටදූවේ සිරිධම්ම කියන නමින් හිටපු ටිකක් practical කතා ටිකක් කිය කිය හිටපු හාමුදුරු නමක් සමන්තබද්‍ර කියලා එයාම නම වෙනස් කරගන්නවා... සමන්තබද්‍ර (හිමි) අද මොකක්ද මන්ද අලුත් එකක් (දහමක්) කියාගෙන යනවා...ඊට අමතරව එයාටම ආවේණික වෙනම "වැඩසටහනක්" දියත් කරගෙන යනවා...අද ඒකට විරුද්ධව අපේ බෞද්ධ සමාජයෙන් ලොකු විරෝධයක් තියෙනවා...සමන්තබද්‍ර (හිමි) ගැන පැහැදිළිවම සාධරණ විවේචනයක් තියෙනවා මටත්...ඒ විවේචනය තමයි ඔහු මේ දේවල් කරන්නෙ බුදු දහම කියන කොටුව ඇතුළෙම වීම...
ගෞතම බුදු හාමුදුරුවන් ගෙ Original බුදු දහම සමන්තබද්‍ර ගෙ එකද එහෙමත් නැත්තන් දොඩම්පහල රාහුල හිමි හරි මාවරලේ භද්දිය හිමි හරි නියෝජනය කරන දෙවන කාණ්ඩයේ බුදු දහමද කියන එක තීරණය කරන්න facebook බෞද්ධයන්ට තරම් මට දැනුමක් නැති නිසා මං ඒක ගැන කියන්න යන්නෙ නෑ...
හැබැයි
අපි තව අවුරුදු 1000ක් ඉස්සරහට හිතමුද?
ඒ මදිනම් තව අවුරුදු 2500ක් ඉස්සරහට ??
අද අපි සමන්තබද්‍ර ගෙ (හිමිගෙ) Birthday Party එකට බැන්නට අපි අද තොරණ් ගහලා කූඩු හදලා සමරන්නෙ අවුරුදු 2500කට කලින් හිටපු බුදු හාමුදුරුවන්ගෙ උපන්දිනය කියලා මතක් කරගත්තොත් ලේසි වෙයි ඒ අනාගතය දකින්න...😉
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment