භ්වාලා..!!!





පුදුමාකාර විඩාවක් ඇඟට වගේම හිතටත් දැනෙනවා..අපේ චාරිකාව පටන් අරන් මාසයක් වෙන්න එනවා.. මේ කාලය අතරතුරේ අපිට අපේ කණ්ඩායමේ දෙන්නෙක් නැති වුණා. සති 3කින් ගමන අවසන් කරන්න හිතන් ආපු නිසා ගෙනාපු කෑම බීමත්  තියෙන්නේ අන්තිම අඩියේ...

පීටර් සහ වොලස් නම් තවම බලාපොරොත්තු අත් හැරගෙන නැහැ...ඔවුන් තාමත් හිතන්න අපි ආව දේ අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා..හැබැයි  මම නම් ගමන ගැන බලාපොරොත්තු අතෑරියේ විලී මැරුම් කාපු දවසේමයි..සේරා දිහා බැලුවම පේන්නෙත් ඒ බලාපොරොත්තු කඩවිමමයි..මං මෙච්චර  කාලයකට දැනගෙන හිටපු නිර්භීතම ගැහැණිය සේරා..ඒත්  මං  දැනන්  හිටපු ඒ නිර්භීත මුහුණ වෙනුවට දැන් මට පෙන්නේ තවත් එක පරාද වුණ ගැහැණියක්ගේ මුහුණක්..

ඈන් නම් පුරුදු විදියටම පැත්තකට වෙලා වාඩි වෙලා අර කාලකන්ණි අපිට පහරදුන්න වෙලාවේ දුවද්දී වැටිලා දණහිසේ වෙච්ච තුවාලය වටේ අතගානවා..හෙන්රි ඔහුගේ මියගියපු බිරිදටත් වඩා ඔහු ආදරය කරන ඔහුගේ තුවක්කුව බදාගෙන පිහිදානවා..හරියට සපත්තුවක් පොලිෂ් කරනවා වගේ..ඔහු ඈන් ට මොන මොනවදෝ කියනවා වගේ පෙනුනත් ඈන් හිටියේ වෙන ලෝකෙක..

අපේ බඩු උස්සගෙන යන්න අපිට හම්බුන අන්තිම ගම්මානයෙන් හොයාගත්ත කොල්ලෝ ටික වෙනම කල්ලියක් ගැහිලා මොන මොනවදෝ කියනවා ඇහෙනවා..ඔවුනුත් ආපහු නොයා ඉන්නේ ආපහු යන්න වෙන්නේ බොහොම අමාරුවෙන් පහු කරගෙන ආපු මිනීමරු යක්කු ටික ඉන්න පැත්ත පහුකරගෙන කියන භය නිසා මිසක් මුලදී පොරොන්දු වෙච්ච සල්ලි ගැන හිතල නම් නෙවෙයි කියලා ඔවුන්ගේ මුහුනුවලිනුත් පැහැදිළියි..

අපිත් එක්කෝ අපේ යාළුවො දෙන්නෙකුත් මරාගත්ත නිකන්ම නිකන් තේරුමක් නැති ගමනක් ආව කියලා හිත හදාගෙන හිස් අතින් ආපහු යන්න ඕන...එහෙම නැත්තන් හොයාගෙන ආපු දේ හොයාගෙන ඉස්සරහටම යන්න ඕන...එත් ඉවර වෙන්න කිට්ටු වෙච්ච කෑම ටිකකුයි බලාපොරොත්තු සුන් වෙච්ච මිනිස්සු ටිකකුයි එක්ක ඒ ඉස්සරහට යන ගමන් කොච්චර කාලයකටද? කොච්චර දුරකටද?
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment