ආකල්ප තමයි ජයග්‍රහණයේ රහස...!!!!

ආකල්ප තමයි ජයග්‍රහණයේ රහස...!!!!

අද මං කොළඹ ආපු බස් එකට කොල්ලෙක් නැග්ගා 3D පින්තූර වගයක් විකුණන්න...

මිනිහ හැමෝටම ෆොටෝ දෙක තුනකුයි කොළයක ප්‍රින්ට් කරපු ලියුමක් වගේ එකකුයි හැමෝගෙම අතේ තිබ්බා...

ඒ අතේ තිබ්බ ෆොටෝස් ටික අතරෙ එක එක දෙයියොන්ගේ,බුදු හාමුදූරුවෝ,මෛත්‍රී හාමුදුරුවො වගේම ස්වභාවධර්මයේ ලස්සන ෆොටෝස් ටිකකුත් තිබ්බා...

ප්‍රින්ට් කරපු කොළේ තිබ්බෙ
"දුප්පත් පවුලකින් එන මං හරි අසරණයි.මේ පින්තූරයක් රුපියල් 50යි..එකක් අරන් සහයෝගයක් දෙන්න " කියලා...

කවුරුවත්ම එකක්වත් ගත්තෙ නෑ...මට ඉතින් කොහොමත් පොඩි කැහිල්ලක් තියෙන එකේ මං ඒවා 4ක්ම ගත්තා...(මේ තියෙන්නෙ ඒ ගත්ත එකක්.)

ඒ අර කොලේ තිබ්බ අසරණයි අරකයි මේකයි කිව්ව අදෝනාවට නෙවෙයි...ඒ ෆොටෝ ඇත්තටම ලස්සන නිසා...

මේ සිද්ධිය නිසා මට මතක් වුණේ මේ බස් එකේදිම හම්බුණු රටකජු විකුණපු කොල්ලව..අසරණකම් නැති බැරිකම් කියෙව්වෙ නෑ..තමන් විකුණන රටකජු වල ගුණාත්මක බව ගැන හරිම විශ්වාසෙන් කතා කළා ඒ කොල්ලා එදා...මං බස් වල යද්දි එද්දි දැක්ක අයගෙන් වැඩිම රටකජු අලෙවි කළේ ඒ කොල්ලා...මුළුබස් එකම රටකජු කෑවා එදා...

මේ කොල්ලත් මෙච්චර ලස්සන ෆොටෝ ටිකක් අරන් ඇවිල්ලා ප්‍රින්ට් කරපු අදෝනාවක් අපිට දෙන්නෙ නැතුව ලස්සනට ඇදුමක් ඇදලා ඇවිල්ලා මිනිහා විකුණන ෆොටෝ වල ලස්සන ගැන,වයසක අයට,ගැහැනු අය ඉලක්ක කරලා දෙයියෝ ටික ගැන පොඩි වර්ණනාවක් දීලා එක වචනයක් කතා කළානම් මට හොදටම විශ්වාසයි මිනිහා හොද බිස්නස් එකක් කරගන්නවා...

ඔක්කොටම කලින් වෙනස් කරගන්න ඕන අපේ ආකල්ප...

ආකල්ප තමයි ජයග්‍රහණයේ රහස...!!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment