ෂුවර්ම නැති දෙවෙනි අවස්ථාව....


ඊයේ දවල් හමපු මහා හුළගකට අපේ කුස්සිය උඩට මහා පොල් ගහක් කඩන් වැටුණා...අම්මා කුස්සියෙ ඉද්දිම...

මට කෑම හද හද හිටපු අම්මා හුළගට ජනේලය වැහුණ නිසා ඒක අරින්න ජනේලෙ ගාවට ගිහින් ඇගිල්ලෙන් ජනේලෙ අරිනකොටම දැකලා පොල් ගහ වහලේ උඩට එනවා...

ටක්ගාල එයාට කුස්සියෙ දොර ළඟට එන්න වෙලා තිබිලා...

වාසනාවකට අඩි ගාණක පරතරයකින් එයා බේරුණා...

මොකක්රි අවාසනාවකට එහෙම නොවුණනම්...අඩු ගාණෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ මට...

මම කියන්න හදපු දේ තමයි අපිට කේන්ති ගියපු වෙලාවට අපි අපිට ආදරේ කරන අයට කෑ ගහනවා,බනිනවා...

අපිට සමහර වෙලාවට ඒවට සොරි කියලා එයාලව බදාගෙන ආදරෙයි කියලා උම්ම්මා එකක් දෙන්න අවස්ථාවක් නොඑන්න ඉඩක් තියෙනවා...

මගේ මොකක් හරි ලොකුම ලොකු වාසනාවකට මට මගේ අම්මව බදාගෙන අඩලා එයාට ආදරෙයි කියන්න පිනක් තිබ්බා...

මම මේක දාන්නෙ එක හේතුවකට...

ඔයාලගේ අතින් ඔයාල ආදරය කරන අයගෙ හිත් රිදවීමක් වෙලා තියෙනවනම් එයාලට දැන්මම කතා කරලා කියන්න සමහර වෙලාවට මෝඩ වෙලා එයාලට කෑ ගැහුවට එයාලට ඔයා ගොඩාක් ආදරෙයි කියලා...එයාලව ඔයාට ගොඩාක් වටිනව කියලා...

සමහරවෙලාවට අපිට ඒ දේ කියන්න හිතේ තියන් හිටියට කියාගන්න නොලැබෙන්න ඉඩක් තියෙනවා...

මොකද මේ ජීවිතය කියන්නෙ දෙවෙනි අවස්ථාවක් ලැබෙයිද කියලා ෂුවර්ම නැති දෙයක්..!!!!
 —
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment