මං ඔයාට ආදරෙයි.


මං ඔයාට ආදරෙයි 💗
- බැහැ මං කැමති නෑ...


මාසයකට පස්සෙ



මං ඔයාට ආදරෙයි

- මං ආදරේ නෑ..මං කැමති නෑ ඔයාට..


මාස 3කට පස්සෙ



මං ඔයාට ගොඩක් ආදරෙයි..ඇයි ඔයා කැමති නෑ කියන්නෙ...

- මං ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවා..


නෑ ඒක බොරුවක් මං දන්නවා එහෙම කෙනෙක් නෑ කියලා...හරි කමක් නෑ මං කවදහරි ඔයා හා කියනකන් බලන් ඉන්නවා.



මාස 6කට පස්සෙ



මේ මං ඔයාට කරදර කරන අන්තිම වතාව...මං ඔයාට ගොඩක් ආදරෙයි...මං ඔයාට ආදරේ කරන්නෙ ඇත්තටමයි...ඔයා මට කැමතිද..

- මං ඔයාට කැමති නෑ.. මං කලිනුත් කිව්වනෙ..
හරි එහෙනම්...ඔයාගෙ සතුට මං ළග නැත්තන් ඔයා ඔයාගෙ සතුට තියෙන කෙනෙක් ගාව සතුටින් ඉන්න...


මාස 9 කට පස්සෙ



මං ගොඩක් උත්සහා කරා මේක තේරුම් ගන්න...ඔයාව අමතක කරන්න ගොඩක් උත්සහ කරා...ඒත් බැරි වුණා..ඔයා මට අකමැති ඇයි ?



- හරි මං කියන්නම්... ඔයා මට ආදරෙයි කියන්නත් කලින් මං ඔයාට කැමති වුණේ...ඔයා මාව මුලින්ම බස් හෝල්ට් එකේදි දැක්ක වෙලාවෙ ඔයාගෙ මූණ මට තාම මතකයි..ඊට පස්සෙ හැම සතියෙම ඔයාගෙ bike එක බස් හෝල්ට් එක ගාවදි කැඩෙද්දි, ඔයාගෙ බස් එක හැමදාම මේ වෙලාවට මිස් වෙද්දි, ඔයා ගේ ගාව බස් හෝල්ට් එක පාස් කරලා මෙතන බස් හෝල්ට් එකෙන් බස් එකට නගිද්දි මං ඔයා මට කැමතියි කියන එක තේරුම් අරන් හිටියෙ.. ඒත් මට ඔයාට කැමති වෙන්න බෑ...



ඇයි ඒ මොකක්ද හේතුව? මොකක්ද මගේ ප්‍රශ්නෙ?

- ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ නෙවෙයි මගේ...මට ලෙඩක් තියෙනවා...කවදාවත් සනීප වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්...මේ ජීවිත කාලෙදි මට ආදරය කියන දේ උරුම නෑ...


හරි ඒකද ඔයාගෙ ප්‍රශ්නෙ?

- ඔව් මට මං හින්දා කවුරුත් අඩනවා බලන්න බෑ...
හරි මං යන්නම්..


- මං දැනං හිටියා මේක කිව්වම ඔයා යයි කියලා...බුදු සරණයි...



සති දෙකකට පසු



මං ඔයාගෙ අම්මටයි තාත්තටයි කතා කරා...බෑ කියන්න එපා ලබන අවුරුද්දෙ අපි බදිනවා... wedding එකට ලෑස්ති වෙන්න..මං ආදරය කරන කෙනෙයි කසාද බදින කෙනයි මං අඩන්න ඕන කා වෙනුවෙන්ද කියන එකයි මමයි තීරණය කරන්නෙ..



-ඒත්...ඒත්

ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් එක වචනයක් කතා කරන්න එපා තව නගින්න බයික් එකට...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment