හීනයක්


මැණික මං ඊයෙ ලස්සන හීනයක් දැක්කා.
- මොකක්ද මහත්තයෝ ?

හරිද දැන් ඔන්න ඔයා pregnant හොදේ... ඔයා ඇදන් හිටියේ චූටි චීටි ටෙඩීලා ඉන්න අර ප්‍රෙග්නන්ට් වුණාම අදින ඇදුමක්

- අනේ හරි ලස්සනයි...ඉතින් කියන්නකො ඉතුරු ටික
අපි හිටියෙ පන්සලක.. බෝධි පූජාවක් කරන ගමන්...මං ඔයාගෙ අතින් අල්ලගෙන බෝධිය වටේ ගියා...

ඔයා හිමින් සැරේ අඩිය තිය තිය ඇවිද්දෙ ලොකු බඩක් එක්ක...
අපි දෙන්නම එකතු වෙලා බෝධිය නෑවුවා...

පහන් පත්තු කරනකොට පහන් එළිය ඔයාගෙ මූණට වැටුනම ඔයාගෙ ලස්සන...හරියට සුරංගනාවියක් වගේ..

ඊට පස්සෙ බෝධි පූජාව ඉවර වෙලා අපි දෙන්නා වැව ගාවට ගිහින් වැව් බන්ට් එකේ වාඩිවෙලා හද පායන දිහා ළං වෙලා බලන් හිටියා....

ඔයාගෙ ඔලුව මගේ උරහිසට හේත්‍තු කරගෙන හිටියෙ ඔයා..
මං ඔයාගෙ අත ලාවට අල්ලගෙන හිටියා...

- අනේ ඒක හීනයක්ම නොවී ඇත්තටම අපේ අනාගතය වෙනවනම් නේද මහත්තයෝ ...

ඒක හීනයක වෙන්නෙ නෑ මැණික...ඔයා මගේ විතරයි..හැමදාටම
- ආදරෙයි සුදු මහත්තයෝ...!!!

මාත් ආදරෙයි මගේ මැණික..
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment