වෙරලු අච්චාරු.


මං phone එක දිහා බලාගෙන ගමේ යන බස් එකේ ජනේලෙ ළග සීට් එකේ වාඩිවෙලා හිටියෙ...

කොට්ටාවෙන් ගෑණු ළමයෙක් නැග්ගා බෑග් එකකුත් අරගෙන...ඇවිල්ලා වාඩි වුණා මගේ එහා පැත්තෙන්.

ළගට එනකොට මූණ දිහා බලලා ආයෙ phone එකට මුණ ඔබා ගත්ත මං..

ඔහොම වාඩිවෙලා ආව... පුරුදු විදියටම පැල්මඩුල්ලෙන් අඹ අච්චාරු වෙරලු අච්චාරු විකුණන කෙනෙක් බස් එකට නැග්ගා...

මේ ළමයා ගත්තා වෙරළු අච්චාරු එකක්..

ආයෙ බස් එක යන්න පටන් ගත්ත...ටිකකින් හීනි කටහඩකින් මගේ එහා පැත්තෙ හිටපු ළමයා වෙරළු එක දික්කරලා මගෙ අහනවා "අයියේ වෙරළු කනවද මෙන්න" කියලා...

මං වෙරළු අච්චාරු කන්නෙ නෑ...ඒත් මං හිනාවෙලා එපා නංගි thanks කිව්වා...

හැබැයි මට ඒ ළමයට මට හරි ආදරේ හිතුණා..මොකද වෙරළු අච්චාරු එක දික් කරලා වෙරළු කනවද කියලා අහපු හිනාවෙන් මං දැක්කේ ඒ ළමයගෙ හෘදයාංගම අව්‍යාජ කම..!!! සමහරවිට එයාටත් අයියා කෙනෙක් ඇති.

මිනිස්සුන්ගෙ හදවත් සුන්දර නම් මේ ලෝකය ගොඩක් සුන්දර තැනක් වෙයිද..!!!

අඩුම තරමේ අපි ඒ මනුස්සයා නොදන්නවා වුණාට කමක් නෑ..අපිට පුළුවන්නම් අපේ මූණ ඉස්සරහට එන මනුස්සයෙක්ට හිනාවකින් සංග්‍රහ කරන්න සමහරවිට ලොකු ප්‍රශ්නයක් එක්ක එළියට බැහැලා ජීවිතේ නැති කරගන්න හිතන් හිටපු මනුස්සයෙක්ගෙ වුණත් හිතක් සුවපත් වෙන්න ඉඩ තියෙනවා...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment