අපේ වෙදමහත්තයා.


අද ගෙදර ආපු බස් එකට ඇහැළියගොඩින් තරුණයෙක් නැග්ගා ආයුර්වේද බෙහෙත් වර්ග කිහිපයක් විකුණන්න..

නිල් අවරිය,මුගුණවැන්න,ගොටුකොළ, දියබෙරලිය වලින් පටන් අරන් "අපේ වෙදමහත්තයා" එක්ක එකතුවෙලා අපිම දර ලිපේ හදලා ඔබතුමන්ලා ගාවට අරන් එන මේ දිව්‍ය ඖෂධ කියලා පුදුමාකාර පැහැදිළි කිරීමක් කළා...

කොහොමහරි දැන් මනුස්සයගෙ කතාව යනවා...කතාව අහන් ඉන්නකොට අපි මනසින් වෙනම තැනකට යනවා..


ලස්සන ගමක,ගහකොල වලින් හෙවන වුණ මැටි ගාපු ගෙදරක පිල උඩ සරමක් ඇදන් ඉන්න වෙද මහත්තයෙක්..ගෙයි දකුණු පැත්තෙ බෙහෙත් කොළ සුද්ද කරන ගවුම් දෙකක් ඇදගත්ත තද කලු කොණ්ඩයක් තියෙන වෙද මහත්තයගෙ ලස්සන දූලා දෙන්නා...චීත්තයක් ඇදගත්ත හිනාවෙනකොට හරිම සිරියාවන්ත වෙද මහත්තයගෙ හාමිනේ...තව ගස්වල පොතු එකතු කරන් ඇවිල්ලා ඒවා වෙන් කරන උදව් කාරයෝ දෙන්නෙක්.. මං ඕවා ඔක්කොම බලාගෙන පිල උඩ වාඩි වෙලා වෙද මහත්‍තයා එක්ක කතා කරනවා...!!

කතාව ඉවර වුණා...මං ඔහු ඒ ගෙනාපු තෙල් දෙකක්ම ගත්‍තා...පාවිච්චි නොකළත් කමක් නෑ...ඔහුගේ කතාවෙන් මගේ හිතේ මැවුණ චිත්ත රූපය රුපියල් 300ට වඩා සෑහෙන්න වටිනවා...!!!

කොන්ක්‍රීට් වනාන්තර අතර හිරවෙලා කාර්යබහුල වුණාට තාමත් අපේ මුල් තියෙන්නෙ එතන...!!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment