අම්මලා...


අම්මා කුස්සියේ පොල් ගගා හිටියා...

මං wash එකක් දාගන්න යන ගමන් එක පාරට හිතුණු නිසා එයාව පිටිපස්සෙන් බදාගෙන උම්ම්මහ් එකක් දීලා කෝ දෙන්න කියලා ඉල්ලගෙනම පොල් භාගයක් ගාලා දුන්නා...

"කෝ කෝ ඉන්න මං තාම wash කරලාත් නෑ.."


අම්මා කියනවා...ඒත් එයාගෙ මූණට ආපු සතුට...!!! 

අම්මට ඉතින් ඕක මාසයකට ඇති දැන්...!!!

ආදරය කියන්නෙ පෙන්නන්න ඕන දෙයක් මිසක් හිතේ තියාගෙන ඉන්න ඕන දෙයක් කියලා මතක් වෙන්නෙ මේ වගේ චූටි චූටි දේවල් වලින් එයාල සතුටු වෙන තරම දකිනකොට...!!!

ඔබේ ආදරණීයන්ට හදවතින් ආදරය කරන්න...

ඒත් ඒක ඔවුන්ට දැනෙන විදියට පෙන්නන්න අමතක කරන්න එපා...


මොකද දවසක ඔවුන්ට වගේම අපිටත් සුන්දර මතකයන් වෙන්නෙ හිතේ තියන් ඉදපු ආදරය නෙවෙයි එයාලට පෙන්නපු ආදරය නිසා..
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment