පොඩි වැහි පොදයක් තිබ්බ දවසක්...


පොඩි වැහි පොදයක් තිබ්බ දවසක්...

මං ආපු බස් එකේ සීට් එකක් වත් තිබ්බෙ නෑ...මං වාඩි වෙලා හිටියෙ බස් එකේ මැදට වෙන්න ජනේලේ ගාව කොනේ...


තරුණ ගෑණු කෙනෙක් නැග්ගා අවුරුදු 4ක 5ක විතර ළමයෙක් එක්ක...එක අතක කුඩේකුයි,බෑග් එකකුයි...අනිත් අතින් ළමයා...තව ළමයෙක් බඩේ...බඩේ ප්‍රමාණය අනුව මාස ගාණ කියන්න තරම් දැනුමක් නැතත් මාස 5ක් 6ක් නම් පැනලා තියෙන්න ඇති...

අමාරුවෙන් නැග්ගා..නැග්ග ගමන් සීට් එකක් හම්බුණෙත් නෑ...දුර ගමන් බස් එකක්නෙ..අවංකවම කිසිම මිනිහෙක් කැමති නෑනෙ පැය ගාණක් හිටගෙන යන්න...

කොහොමහරි බස් එකේ කොන්දොස්තර ළග බහින කෙනෙක්ට සීට් එක් දෙන්න කිව්වම එක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සීට් එකෙන් පස්ස උස්සලා සීට් එක දුන්නා...ඒ මනුස්සයා හිතින් බනින්න ඇති...මොනා කරන්නද ඇත්තටම ඒ හිටගත්ත මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑනෙ...

ඒ වෙලාවෙ මට හිතුණ දේ තමයි ජීවිතේ කවමදාවත් මගේ wife නම් pregnant වුණු කාලෙක කිසිම හේතුවක් නිසා බස් වලනම් යවන්නෙ නෑ කියලා...

තමන්ට කෙසේ වෙතත් අඩු ගානෙ තමන් ආදරය කරන මිනිස්සුන්ට සුවපහසු ජීවිතයක් දෙන්න බැරිනම් ඇත්තටම ඒ මනුස්සයා මනුස්සයෙක් විදියට ජීවිතයේ අසාර්ථකයි...!!! 

(...මේ මං හිතන විදිය...)


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment