අපි ඔක්කොම මිනිස්සු...!!!

කාලෙකට පස්සෙ ලියන්න තරම් දෙයක් අද දැක්කා...
ඔව් ඔව් බස් කතාවක් තමයි...සමාජය තමයි කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් හොදම විශ්ව විද්‍යාලය..
අද කොළඹ එන බස් එකට නැග්ගා මනුස්සයෙක් කොළඹ මාර්ගෝපදේශන පොතක් විකුණන්න...
බෙල්ල ගාවටම බොත්තම් දාල හරි නීට් එකට ඇදුම ඇදලා.. රැවුලත් හරි පිළිවෙලට නිකන් විමල් වීරවංශ වගේ හරිම line එකට බැලන්ස් එකට කපලා සෑහෙන්න maintain කරන රැවුලක්..!!! 😁
කොහොමහරි කියන්න ඕනවුණේ සාමාන්‍යයෙන් බස් වලට අරව මේවා විකුණන්න නගින මනුස්සයන්ගෙන් මොහු වෙනස් පෙනුමක් දෙන්න උත්සහා කරලා තිබ්බා කියන එක...
කෙලින් හිටගෙන දක්ෂ කථිකයෙක් වගේ කතාව පටන් ගත්තා..
සුද්දගෙ කාලෙන් පටන් අරන් මුළු කොළඹම ගැන විස්තරයක් දුන්නා මුලින්...
ඒ වගේ පොතක් තියෙන එකේ වටිනාකම කිව්වා ඊළගට..
ටිකකින් පොත අමතක කරලා ලයිසන් ගන්න මිනිස්සු කන්න ඕන කට්ටයි, ලර්නර්ස් වලට ගෙවන්න ඕන ගානයි ගැන කියලා ආයෙ අන්තිමට "දැන් එහෙම කරදර වෙන්න ඕන නෑ මහත්තයො කෙලින්ම මේ පොතේ තියෙනව වේරහැරම ගිහින්ම ලයිසන් ගන්න තැන විස්තර...ඕන නම් call එකක් දාලා බලන්න number එකත් තියෙනවා මේ පොතේ" කියපි....!!!
මේ රටේ තරුණ තරුණියො රස්සා නැතුව රස්තියාදු ගහනවලු ගම් වල.. ඒ කතාවත් මේ පොත එක්ක ගැට ගහනවා මොහු ඔහුගෙ කතාව ඇතුළේ...
තව ටිකක් කතා කරා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරි NASA එක හරි එහෙමත් නැත්තන් Donald Trump ඇමරිකාවෙ ජනාධිපති වෙච්ච එකත් මේ පොත එක්ක ගැට ගහනවා කොහොමහරි වටේ ගිහින්...!!! 😜
අන්තිමට කියනවා මේ පොත විකුණන්න ලංකාවටම ඉන්නෙ 4 දෙනයිලු...එයාලට full training එකක් දීලා 35000ක පඩියකුත් ගෙවනවලු..(ඇත්ත වගේම කිව්වා ඉතින්)😁
කියපු දේවල් වලින් අතිශයෝක්ති ටික අතෑරලා ගත්තම සෑහෙන්න හොද සන්නිවේදකයෙක්...!! (දන්න කියන මනුස්සයෙක් වුණානම් කියනවා පොත් විකුණන වැඩේ පැත්තකට දාලා ඊළග ප්‍රාදේශීය සභා ඡන්දෙටවත් ඉල්ලන්න try කරන්න කියල) 😂
දැන් ආයෙත් කතාවට ආවොත් මං ඔහුගේ දැක්ක විශේෂත්වය තමයි ඔහු තමන් කරන රැකියාව ගැන පසු තැවීමක් වත් බස් වල පොත් විකුණන එක අවමානයක් විදියටවත් හිතනවා කියලා මට හිතුණේ නෑ...
අපේ මිනිස්සු ගොඩ දෙනෙක්ට නැති මානසිකත්වයක් ඒක...
අපේ මිනිස්සු හිතන්නෙ දොස්තර, නීතිඥ , ඉංජිනේරු තමයි වෘත්තින් කියලා... (හරි හරි ඉතින් මාත් ඉගෙන ගන්නෙ නීතිය තමයි)
හැබැයි හිතලා බැලුවොත් ලංකාව පුරා නගර සභාවල කම්කරුවො ඔක්කොම සතියක් උද්ඝෝෂණය කරොත් මොකක් වෙයිද?
කෙනෙක් කරන ඕනෑම වෘත්තියකටම නියමිත ගරුත්වයක් තියෙනවා...
කිසිදු වෘත්තියක් තවත් වෘත්තියකට වඩා පහත් වෙන්නෙ නෑ...
අපි ඔක්කොම මිනිස්සු...
අපි අලුත් පරම්පරාව අලුතෙන් හිතමු..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment