ලක්ෂ 120...!!!

අද ඇඹිලිපිටිය Bus Stand එකේ කොල්ලො කෙල්ලො ටිකක් ගිණි කට්ට අව්වේ කලු පාට ඇදුම් ඇදගෙන රතු පාට පටියක් ඔලුවෙ බැදගෙන එකතු වෙලා හිටියා..
හරි...වීදි නාට්‍යයක් වෙන්න ඕන...!!!
කොල්ලත් ඉතින් කලාකාමියානෙ...ඔලුව දාල බැලුවා මොකක්ද වෙන්නෙ කියලා...

හම්මටසිරි බැනර් එකේ ගහලා තිබ්බෙ..
"...සයිටම් හොර උපාධි කඩය වසව්.." කියලා...ආතල්නෙ ඉතින්...
ළග කඩේකින් cool වතුර බෝතකයකුත් අරගෙන හෙවනකට වෙලා බලන් හිටියා මොකද වෙන්නෙ කියලා...
මනුස්සයෙක් දොස්තර පස්සෙන් එනවා "අනේ දොස්තර මහත්තයෝ අම්මව සනීප කරලා දෙන්න කියලා...ඒ දොස්තර කියනවා "සල්ලි නැතුව බෑ සල්ලි නැතුව බෑ" කියලා...
බලන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගන්න දොස්තරලා කොච්චර නරකද අම්මේ තාත්තේ අයියේ අක්කේ...
රජයේ විශ්ව විද්‍යාල වල දොස්තරලනම් නවලෝකේ බෙහෙත් දෙන්නෙත් නිකං...!!!
සල්ලි නැති අයට රෝහලේ බිල ගෙවන්න උදව් කරන්නෙත් දොස්තර මහත්තයමයි...
රජයේ දොස්තරලා බුදු වෙන්න ඕන අම්මේ තාත්තේ..
අම්මපා...
ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියෙක් ගෙ පුතාට ලක්ෂ 120ක් නෑ අම්මේ...එයාට දොස්තර වෙන්න බෑ අම්මේ තාත්තේ...පුද්ගලික විශ්ව විද්‍යාල වහලා දාල කෙසෙල් ගොවියගෙ පුතාට බැරි නිසා වෙන එකෙක්ටත් ඒ අවස්ථාව නැති කරමු අම්මේ තාත්තේ...
නාට්ටිය ඉවර වුණාට පස්සෙ කොල්ලෙක් ඇවිල්ලා යටිගිරියෙන් කෑ ගැහුවා හැමදාම කියන බයිලා ටික...
මිනිහගෙ කතාවත් එක්ක මට සෑහෙන්න ප්‍රශ්න ටිකක් ආව අහන්න...
බැරිවෙලාවත් මාත් ධනපතියෙක් කිව්වොත් එහෙම...ඒ නිසා ඒවා අහන්න ගිහින් මගේ mood එකත් අවුල් කරගත්තෙ නෑ...
ඒ නිසා ඒ ළග හිටපු කෙල්ලෙක්ගෙන් බෙදන කොලේකුත් ඉල්ලගෙනම හැරිලා ආව..
ඇත්ත... තරුණ කාලෙ කාටවත් කරදරයක් නැතුව කොල්ලො කෙල්ලො එකතු වෙලා මෙහෙම ආතල් ගන්න ඔන්න...(පාරවල් වහගෙන මිනිස්සු අපහසුතාවයට පත් කරන වැඩ නෙවෙයිනෙ මෙව්වා)
තරුණ කාලෙ නැතුව හැට පැන්නම ඕවා කරන්නයැ..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment