ලෝක කාන්තා දිනය....!!!

කකුල් දෙක උඩ දාගෙන හක්ගෙඩි කාරයගෙ හක්ගෙඩි programme එක බලාගෙන උදේ වරුවෙ ගෙදරට වෙලා ඉන්න ගෙවල් වල වැඩ නැති සල්ලිකාර ගෑණුන්ට හවසට සෙට් වෙලා වයින් ටිකක් බිබී කතා කරන්න දවසක්.
ජීවිතේ බරක් පතලක් තේරෙන්නෙ නැති ඊයෙ පෙරේද කූඩූවෙන් එළියට ආපු facebook එකෙන් ජීවිතය තේරුම් ගන්න නංගිලාට යාලුවො දෙතුන් දෙනෙක් tag කරගෙන තමන්ටම සුභ පතාගන්නවා වගේ එකක් කරගන්න දවසක්..

වැලන්ටයින් එකට room යන්න එපා පන්සල් යන්න කියලා නංගිලාට ගොඩක් ආදරෙන් උපදෙස් දුන්න, නාඩි වැටෙන කාන්තා පරාණයක් කිව්වොත් පෝළිමේ ඉදලා උරේ පලලා ලේ දෙන්න බලන් ඉන්න චුල්ලපදුම පන්නයේ බුකියෙන් එළියෙ නිකන්ම නිකන් ලපයියන්ට කෙල්ලො ඇඹරිලා යන්න බුකියේ වචන ටිකක් ගලපලා නංගිලා ඉදිරියේ පොරක් වෙන්න පුළුවන් දවසක්...
ජනපති,අගමැති,කාන්තා කටයුතු ඇමති ඇතුළු සෙට් එකකට ලොකු උත්සවයක් තියලා හැමදාම වගේ මොනාහරි බයිලා ටිකක් කියවලා ගෙදර යන්න පුලුවන් දවසක්...
හැබැයි....
Office වලදි ලොක්කන්ගෙ අනවශ්‍ය විහිළු වලින් පටන් අරන් එතනින් එහා අනවශ්‍ය "හොයාබැලීම්" වලින් පීඩාවට පත්වෙන චාරුණීල, සෙව්වන්දිලා...
අදත් වෙනදා වගේම උදේට නැගිටලා ගෙදර අයට කෑම හදලා බස් එකේ කෝච්චියෙ හිරවෙලා office යන වසන්තිලට,සේමිනීලට...
උදේම නැගිටලා ළමයින්ට කන්න මොනාහරි ටිකක් හදලා දීලා තමන් කහට උගුරක් බීලා ගඩොල් කපන්න යන රාණිලාට, විනීතාලට...
ඇග පුපුරු ගහන සීතලේ උදේ පාන්දරට අවදි වෙලා පාන් භාගයක් මොනාහරි එක්ක කාල තේ දළු කඩන්න යන තංගමනීලට, සෙල්ලම්මාලාට...
අදත් තමන් වෙනදට කරන වැඩ කන්දරාවම කරන්න වෙන නිකන්ම නිකන් එක දවසක් විතරයි..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment