21යි .. සතුටු වෙමුද ? දුක් වෙමුද ?



අද මේ කියන්න හදන්නේ කුණුහරප අහගන්න වෙන කතාවක් වෙන්නත් පුළුවන්...

1996 අපි ලෝක ශූරයෝ වුණා...ඇත්තටම ලාංකියයෙක් විදියට මේ පුංචි රට ලෝකයට ගියපු ලොකුම අවස්ථාවක්...ඇත්ත...
ඒත් අද බුකියේ වැටිලා තිබ්බ

"මීට අවුරුදු 21කට කලින් අපි කැංගරුවො දණ ගැස්සුවා."
"අපි ලෝක කුසලානය දිනලා අවුරුදු 21 යි
...ආඩම්බරයි "
"අපේ අභිමානයට අවුරුදු 21යි"
වගේ කතා වලින් කියවෙන කටුක ඇත්ත අපිට අවුරුදු 21ක් වගේ දීර්ඝ කාලයකින් ඒ වගේ මතක හිටින දෙයක් ආයෙත් කරගන්න බැරි වෙලා කියන එක නෙවෙයිද...???
ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනල අවුරුදු 21ක් වෙනවා කියන කතාව ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන දෙයක්ද දුක් වෙන්න ඕන දෙයක්ද?
අද ලෝකෙ හතර අතට ණය වෙලා මේ රට හද්ද බලු වෙලා තියෙද්දි සුද්දා වැද්දා කාලෙ අපේ රාවණා අපි උඩින් ගියා, අවුරුදු දහස් ගාණකට කලින් අපේ රජවරු අරම කරා මෙහෙම කරා කියන එකේ එක දිගුවක් නෙවෙයිද මන්දා මේ 21 කතාවත්...
නිකමට හිතුණේ...
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment