ජීවත් වෙයල්ලා..!!!




"People who die by Suicide,Don't want to end their life ; They want to end their pain"
සියදිවි නසා ගැනීම් ගැන මුකුත් ලියන්නෙ නෑ කියලම හිටියත් ඊයේ දවසේ ඉදන් Facebook එකේ හරි උජාරුවට Share වෙන එක Post එකක් නිසා මේ ටික ලියලා තියන්න හිතුණා...ඒකෙ තිබ්බෙ ඔය වචන ටික...
අපි ආදරේ කරන, හිතවත්, දන්න කියන මනුස්සයෙක් මොන හේතුවක් නිසා හරි මැරුණම අපිට දුකයි...දරාගන්න බෑ....ඒ දුක අපි Wall වල ලියනවා....ඒක ප්‍රශ්නයක් නෑ....මිනිසුන්ගේ ස්වභාවය...
ඒත් මොකක්ද මේ රැල්ල?
සියදිවි නසාගන්න අයට ඕන එයාලගෙ ජීවිතය ඉවර කරන්න නෙවෙයි එයාලා විදින වේදනාව ඉවර කරගන්නලු..!!!
එතකොට වේදනාව ඉවර කරගන්න තියෙන ලේසිම ක්‍රමය සියදිවි නසාගන්න එක...
නියමයි මරු තියරිය...දැන් ප්‍රශ්නයක් ආපු ගමන් ඒකෙන් මිදෙන්න ඕන කඹයක් විතරයි...කෝච්චියට පනිනනවනම් ඒක ඕනත් නෑ...
මැරුණු කොල්ලගෙ ලස්සන Photo එකක් පාවිච්චි කරලා වැරදි මතයක් සමාජගත කරන්න එපා....
දැන් මේක Share කරපු උනුත් ප්‍රශ්නයක් ආපු ගමන් කෝච්චියට පැනපල්ලා...බෙල්ලෙ වැල දාගනිල්ලා...
හැබැයි එකක් මතක තියාගනිල්ලා...එහෙම වෙච්ච දවසට උඹලා වෙනුවෙන් සියදිවි නසාගන්නෙ අරකයි මේකයි කියලා සියදිවි නසා ගැනීම සාධාරණීයකරණය කරන Post එකක්වත් Share වෙන්නෙ නෑ...
කරුමෙටවත් උඹලගෙ සියදිවි නසාගැනීමත් බුකියේ මාතෘකාවක් වෙන තරමෙ දෙයක් වුණොත් උඹලා වෙනුවෙන් Share වෙන්නෙ ප්‍රශනයක් ආපු ගමන් උඹලව හදපු වඩපු අම්මලා තාත්තලා අමතක කරලා ආත්මාර්ථකාමි තීරණයක් ගත්ත ගොන් හරකෙක් විදියට...
උඹලටත් උඹලගෙ සියදිවි නසාගැනීම සාධාරණීයකරගන්න ඕන නම් අර පහුගිය දවස්වල මැරුණ සුපිරි ගායකයා වගේ තත්වයක් හදාගන්න වෙනවා...අඩුම කෙල්ලෙක්නම් ලස්සන ඇගක් වත් හදාගන්නම වෙනවා....
එහෙම නැතිව සියදිවි නසාගත්තොත් උඹලත් දවසකට මේ රටේ සියදිවි නසා ගැනීම් ගොඩට එකතු වුණ එකම එක ඉලක්කමක් විතරයි....
දැන් මට බැනපල්ලා RIP සොයුර කියලා දාල Shape වුණේ නැති එකට...!!!
බුකියේ අපි මොනවා ලිව්වත් මිනිහෙක් හිතන විදිය වෙනස් වෙන්නෙ නෑ..
හැබැයි සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට උත්තරයක් කියන එක පෙන්නලා අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අනින්න එපා....
එහෙම වුණොත් ඒ මරණයේ වගකීමෙන් දශමයෙනුත් පංගුවක් හරි උඹලගෙ කර උඩටත් එනවා....
අතාරින්න එපා...ප්‍රශ්න ඉවර වෙනවා...
ජීවත් වෙයල්ලා..!!! 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment