සිස්සත්ව මතක

ශිෂ්‍යත්ව ප්‍රථිඵල ඇවිල්ලලු නේද...
ශිෂ්‍යත්වෙ කිව්වම මට ඒක දැනෙන්නෙ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු තැනක් විදියට...
අද නම් ශිෂ්‍යත්වෙන් වැඩිම ලකුණු ගන්න ඔක්කොම ළමයි කියන්නෙ "මං පන්ති ගියේ නෑ...ඉස්කෝලේ දෙන වැඩ ටික එදිනෙද කළා...සෙල්ලනුත් කළා" කියලනෙ...
මං දන්නෑ ඉතින් ඒක ඇත්තද කියලා...මං ශිෂ්‍යත්වෙ කරන කාලෙ නම් මං පන්ති දෙකකට ගියා...
එකක් ඇඹිලිපිටියේ මිනර්වා එකේ තිබ්බ ලාල් සර්ගෙ පන්තිය...ඒකෙ හිටියා සර් කෙනෙක්ගෙ පුතෙක්....ඌයි මායි අතරෙ හෙන තරගයක් තිබ්බා හැම පේපර් එකටම වැඩිම ලකුණු ගන්න...
අනිත් පන්තිය තමයි අපේ ඉස්කෝළෙ පන්ති භාර රංජිත් සර් ගෙ පන්තිය..
අන්න ඒක තමයි ඉතින් පන්තිය...
ඒ පන්තියෙ ගත කරපු හැම මොහොතක්ම විනෝදයෙන් පිරිලා තිබ්බා...
එක වැස්ස දවසක පන්ති යන්න බලන් ඉන්නකොට දඩ බඩෝං ගාල ගේ ගාව තිබ්බ පොල් ගහක ලොරියක් හැප්පුනා...මට අදාළම නැති වුණත් එද පන්ති යන්න කම්මැලි හිතුණා...කොහෙ නතර වෙන්නෙද...ටික වෙලාවකින් 1748 නම්බරේ බයික් එකෙන් සර් ගේ ගාව... සර් ඉතින් මාවත් දාගෙන පන්තියට එක්කන් ගියා...
එදා පේපර් එකක් තිබ්බ නිසා මට ලියන්නම දෙන්න ඕන වුණාලු...පරක්කු වෙලා ගියත් ඉතින් වැඩිම ලකුණු තිබ්බා 
ඔය රංජිත් සර්ගෙ පන්තිය ඉවර වෙලා අපි එන්නෙ පයින් යාලුවො ටික එක්ක...ඉක්මණට ඇවිදගෙන එනවා අර සිරසෙ ගියපු "පුංචි මායාකාරයො" කාටූන් එක බලන්න...
මොන වැඩේ කරත් කාටූන් නම් මිස් කරේ නෑ...ඒ දවස්වල TV එකේ ගියපු සුන්දරම කාටූන් මිස් කරානම් ඒ ළමා කාලෙන් වැඩකුත් නෑ....
ඔන්න විභාගෙ දවස...කිසි අවුලක් තිබ්බෙ නෑ...සුභ දිශාවෙන් එළියට එන්න ඕන කියලා නැගෙනහිර බලලා කෝප්ප ගස් වැට අස්සෙන් පාරට පැනගත්ත එක වෙනම කතාවක්
ඉස්සරහට හම්බුණේ වස බෝතල් ටිකක් අරන් එන මනුස්සයෙක්....ඕක දැකල ආතම්මට හෙන අවුල්ලු...."වස වුණත් පිරිණු බෝතල් නෙ" කියලා හිත හදාගෙන තිබ්බා පස්සෙ එයා....
බයක්, පීඩනයක් කියලා එකක් නම් ගෑවිලාවත් තිබ්බෙ නෑ....හොදට ලිව්වා....ආතල් එකේ ලියාගෙන යද්දි එක පාරට මතක් වෙනවා "හම්මාහ් මේ ශිෂ්‍යත්වෙ නේද ලියන්නෙ හරියට ලියන්න ඕන" කියලා මතක් වෙලා ආයෙත් උවමනාවෙන් ලියන්න පටන් ගන්නවා...
ඔන්න ශිෂ්‍යත්වෙ ඉවරයි....
ප්‍රථිඵල එන්නත් කලින්ම තෑග්ග හම්බුණා...අලුත්ම අලුත් ගියර් තිබ්බ Lumala බයිසිකල් එකක්....
කාලෙ ගෙවිලා ගියා ඔන්න ප්‍රථිඵල එන දවස...
මුලින්ම ප්‍රථිඵල බලලා තිබ්බෙ ලොකු මාමා...එයා ගොඩගේ Dictionary එකක් තෑග්ගක් විදියට අරන් ගෙදර ආවා...
ඔන්න දැන් ප්‍රථිඵල බලන්න ඉස්කොලේ යන දවස...
මට 170ක් තිබ්බා....ඒ දවස් වල පාස් කරේ 137න්...ඉස්කෝලේ ඒ වෙනකන් ගත්ත වැඩිම ලකුණු මගේ......ඉතින් හිතන්නකො එදා දවසෙ කොහොම ඉන්නැද්ද කියලා 
ඒ දවස් වල ආනන්ද විද්‍යාලයට ගත්තෙ 165න්...
එතනින් තමයි මගේ ජීවිතය වෙනස් කරේ....ඉතින් ශිෂ්‍යත්ව විභාගය තිබ්බෙ නැත්තන් කවදාවත් ස්වර්ණමය අවස්ථාව හම්බෙන්නෙ නෑ....
අදනම් ඒ විභාගය මොන තැනට ගිහිල්ලා තියෙනවද කියලා දන්නෙ නෑ.....ඒත් මටනම් ඒක ලොකු අවස්ථාවක් වුණා ඒ අවස්ථාව ලැබුණෙ නැත්තන් ජීවිතය මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. TITIAN TENT STEREO MULTI STEREO MULTI STEREO
    TITIAN TENT STEREO MULTI titanium curling iron STEREO MULTI STEREO MULTI titanium scissors STEREO STEREO MULTI STEREO titanium wood stoves STEREO STEREO STEREO STEREO titanium septum ring STEREO STEREO STEREO STEREO STEREO STEREO titanium wedding ring STEREO STEREO STEREO STEREO STEREO

    ReplyDelete