බුදු දහම සහ ගිහි අපි

මම සාමාන්‍යයෙන් හැම පොහොය දවසකම TV එකේ බණ අහනවා පුරුද්දක් විදියට...
අද ඔහොම TV එක දාගෙන ඉන්නකොට භද්දිය හාමුදුරුවන්ගෙ බණක් යනවා...
ඒ හාමුදුරුවෝ අද බණට කියපු සමහර දේවල් මටනම්  හරි ප්‍රශ්නකාරියි...
භද්දිය හාමුදුරුවන්ට අනුව දැහැමින් සල්ලි හම්බ කරපු මනුස්සයෙක්ගෙන් හොරකම් කරන එක අධර්මයෙන් සල්ලි හොයපු මනුස්සයෙක් ගෙන් හොරකම් කරනවට වඩා පව් වැඩියිලු....
හැබැයි බුදු හාමුදුරුවෝ කිව්වේ චේතනා හං භික්කවේ කම්මං වදාමී" කියලා....දැන් එතකොට ඒකට අනුව හොරකම් කිරීමේ චේතනාව එකයි නම් හොරකම් කරන කෙනාගෙ හොද නරක අනුව පව අඩු වැඩි වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා...
මේ තර්කය උඩ බැලුවොත් නම් හරකෙක් මරනවට වඩා කුකුලෙක් මරන එක පව් අඩුයි...කුකුලෙක් මරන එකට වඩා හාල්මැස්සෙක් මරන එක පව් අඩුයි....
ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද...
අනිත් විකාරම කාරණය කාම මිත්‍යාචාරය ගැන කියපු කතාව...
කසාද බදින්න කලින් ළිංගික සම්බන්ධතා පවත්වන එකත් කාම මිත්‍යාචාරයට අයිතියිලු...
දැන් මේක කොච්චර අසාධාරණ වැරදි කතාවක් ද....
අපි දන්නවා අපේ රටේ මීට අවුරුදු 50කට විතර කලින් මිනිස්සු විවාහ වුණේ අවුරුදු කීයෙන්ද කියලා....
වැඩිය ඕන නෑ සිද්ධාර්ථ කුමාරයා යශෝදරා කුමරියව බැන්දෙත් අවුරුදු 16න් ද කොහොද මතක විදියට..(මේ කරුණ වැරදි නම් මාව නිවැරදි කරන්න)
ඒත් අද ????
මනුස්සයෙක් කසාද බදින වයස අවුරුදු 26ක් 27ක් විතර....
එතකොට භද්දිය හාමුදුරුවෝ කියන බුදු දහම අනුව ඔබ මම ඇතුළු මේක කියවන හැමෝම අවුරුදු 28ක් 29ක් වෙනකන් අහිංසක දුලා පුතීලා වගේ අයින් වෙලා පයින් යන්න ඕන....
මම බුදු හාමුදුරුවෝ ගැන කියවලා තියෙන විදියටනම් බුදු හාමුදුරුවෝ කියන්නෙ ආගමික ශාස්තෲවරු අතරින් නිදහස්ම මනසක් තිබ්බ පුද්ගලයා....ඇත්තටම බුදු හාමුදුරුවන්ව "ආගමික ශාස්තෲවරයෙක්" කියල හදුන්වන එකම වැරදියි...උන් වහන්සේ ආගමක් ඉගැන්වුවෙ නැහැ....අදහස පැහැදිළි කරගන්න තමයි ඒ වචනය යෙදුවෙ...ආයෙත් කියන්නෙ බුදු හාමුදුරුවෝ හරිම නිදහස් මනසක් තිබ්බ මනුස්සයෙක්...
බුදු හාමුදුරුවන්ගෙ මේ නිදහස් චින්තනය අදුරගන්න පුළුවන් සෑහෙන්න තැන් තියෙනවා.... අර භික්ෂුනින් වහන්සේ කෙනෙක්ට දරුවෙක් හම්බ වෙච්ච කතාව...රහත් වෙලා පවා හිටපු භික්ෂුණීන් වහන්සේ කෙනෙක් පරණ පෙම්වතා පන්සලටම ඇවිල්ලා දූෂණය කරපු කතාව...ගණිකාවක් බුදු හාමුදුරුවෝ නිසා ගැබ් ගත්තා කියලා ප්‍රශ්නයක් ආපු වෙලාව...රාහුල කුමාරයා මහණ කරපු වෙලාවෙ ශුද්ධෝදන රජතුමා කරපු ඉල්ලීමට ඇහුන්කන් දීපු විදිය...යශෝදරා කුමරිය උඩ තට්ටුවෙන් බහින්නෙ නැතුව හිටපු වෙලාවෙ බුදු හාමුදුරුවෝම යශෝදරා ගාවට ගියපු විදිය.. තව මේ වගේ තැන් බොහොමයි...හොයලා කියවලා බලන්න..බුදු හාමුදුරුවෝ කියන්නෙ සුපිරිම චරිතයක්...හවස් වරුවක ජේතවනය පැත්තෙ ගිහින් බංකුවක වාඩි වෙලා නිදහසේ සෑහෙන්න දේවල් කතා කරන්න තිබ්බ පට්ටම සරල චරිතයක්...මේ වගේ දේවල් කියවද්දි බුදු හාමුදුරුවෝ කියන්නෙ අපේ හාමුදුරුවො වයසක අත්තම්මලට සාධු සාධු සාධු කියන්න කියන බණවල ඉන්නවා වගේ නාහෙ එක හිලකින් ගින්දරයි අනිත් හිලෙන් වතුරයි පිඹපු ඇවෙන්ජර්ස් ටයිප් පිටසක්වල ජීවියෙක් නෙවෙයි කියලා තේරෙයි....ඒ වගේම බුදු හාමුදුරුවෝ ගැන මාරම ප්‍රසාදයක් එයි...
ලෝකෙන්ම වෙනස් වෙමින් අප්‍රේල් 29 වෙනිදා වෙසක් පෝය සමරන අපූරු රටක තරුණ පරම්පරාව විදියට අපි බුදු දහම ගැනත් අලුත් විදියකට හිතන්න ඕන....
බුදු දහම ගැන, ධර්ම කරුණු ගැන ප්‍රශ්න අහලා ඉගෙන ගන්න කිසිම තහංචියක් බුදු හාමුදුරුවෝ දාල නෑ....
අපි බුදු දහම ලෝකයට අරන් යන්න ඕන...බුදු හාමුදුරුවෝ කියපු Original ධර්ම කරුණු ටික පෙරලා අරගෙන පන්සලෙන් ඈත් වෙන,බුදු දහමෙන් ඈත් වෙන තරුණ පරම්පරාව ආයෙත් එතනට ගන්න ඕන....
ඒක කරන්න තියෙන ලොකුම බාධාව අද මේ රටේ බුදු දහම කියලා තම තමන්ගේ හිත් වල තියෙන මනස්ගාත කියවන සමහර හාමුදුරුවරු..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment