මිචෙල් හා බැරක්

 


එක දවසක් බැරක් ඔබාමා සහභාගී වුණ වැඩසටහනකදි නිවේදකයා අහනවා ඔබ ජනාධිපති ධූරයට තරගකරනවා කියලා මිචෙල් ට කියනකොට මිචෙල් ගෙ ප්‍රතිචාරය වුණේ මොකක්ද කියලා.

ඔබාමා හරි අපූරු උත්තරයක් දෙනවා. ඔහු කියන විදියට මිචෙල් කියලා තියෙන්නෙ මෙන්න මෙහෙම.

"ඔබ ජනාධිපති වෙන්න ඉතාම සුදුසු කෙනෙක්, ඔබ අනිවාර්‍යෙන්ම ඉතාම දක්ෂ සහ කාර්‍යක්ෂම සහ ජනතාව ගැන හිතන හොද ජනාධිපතිවරයෙක් වෙනවා කියලා මට විශ්වාසයි. ඒ වගේම මම ඔබ වෙනුවෙන් ඡන්දය දෙනවා විතරක් නෙවෙයි මම ඔබ ඔබව ජනාධිපති පුටුවේ වාඩි කරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හැබැයි ඒ ඔබ මගේ ස්වාමිපුරුෂයා වුණේ නැත්තන්" කියලා. 😌

මේක කියලා බැරක් ඔබාමා, නිවේදකයා සහ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න පිරිස මහා හයියෙන් හිනා වෙනවා.

දැන් මේ කතාව ඇතුළේ තියෙන්නෙ ලොකු සංකීර්ණ කතාවක්.

මං හැම වෙලාවෙම කියන එකක් තමයි පිරිමියා තමන්ගේ ජීවිතේ නතර වෙන තැන තීරණය කරන ප්‍රධානතම සාධකයක් තමයි ඔහු තෝරගන්න බිරිද කියන එක.

මේ මිචෙල් කියපු කතාව ඇතුළෙත් වක්‍රව තියෙන්නෙ ඒ කතාවමයි.

බැරක් ඔබාමාගේ දේශපාලන ජීවිතය නිසා මිචෙල්ට සමහර දේවල් කැප කරන්න වෙන්නැති. සමහර වෙලාවට සමහර කැමති දේවල් අත හරින්න වෙන්නැති. ගොඩක් අයට මේක කරන්න අමාරුයි. හැබැයි එහෙම කරන්න බැරි වුණ කෙනෙක්ව තරුණ බැරැක් ඔබාමා තෝරගත්තෙ නැත්තන් බැරක් ඔබාමා කියලා ජනාධිපති කෙනෙක් නිර්මාණය නොවෙන්න තිබුණා.

ඒ නිසා ඉපදුණු පළියට ජීවත් වෙලා ඔහේ මැරිලා යන්නෙ නැතුව ඔබේ සලකුණ මේ පොළොවේ තියලා යන්න අරමුණක්, හීනයක්, අධිෂ්ඨානයක් තියෙන කෙනෙක් නම් ඔබ තෝරාගන්නා සහකාරිය ගැන එක් වරක් නොව දහස් වරක් හිතන්න. 

හරි කෙනා තෝරගත්තොත් ඒක ඔබට කියලා ඉවර කරන්න බැරි හයියක් වෙනවා වගේමයි වැරදි කෙනා තෝරගතතොත් ඔබේ හීන අරමුණු සියල්ල බලන් ඉද්දි කඩන් වැටෙන්න පුළුවන්.

Happy Anniversary Barack & Michelle Obama 🖤

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment