මිනිස්සු ගැන හිතන මිනිස්සු උවමනා කර ඇත..!!!

මුලින්ම කියන්න ඕන මේක තාර්කික නැතුව ඇති. මේක ලියන්නෙ ඔලුවෙන් නෙවෙයි හදවතින්.
අද උදේ තරුණියක්ව තවත් තරුණයෙක් බෙල්ල මිරිකලා මරණවා සම්පුර්ණයෙන්ම Video කරපු සිද්ධිය මේ වෙනකොට හැමෝම දන්නවා ඇති. ඒ Video එක බලලත් ඇති.
ඒක බලද්දි නිකං මොකක්දෝ කියන්න තේරෙන්නෙ නැති Upset එකක් වගෙ එකක් ආවෙ නැත්තන් මෙතනින් පහළට කියවන්න එපා.. ඔබේ විනාඩියක් නාස්ති වෙනවා..
.
.
.
.
.
දැන් ඇත්තටම හදිස්සියෙ හරි ඔය වගේ දෙයක් අපි ඉස්සරහා වුණොත් අපිට මොකක්ද කරන්න පුළුවන් කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.
ඒකට මටත් නිශ්චිත උත්තරයක් නැහැ.
ඒත් මගේ කලින් Post එකකට වැටුණ එක Comment එකක් දැක්කම ආයෙ පොඩි දෙයක් ලියන්න ඕන හිතුණා.
මොකද ඒ Comment එක දකිනකන් මටත් ඒක හිතුණේ නැහැ.
ඇය කියලා තිබ්බෙ ඔය වගේ සිද්ධියක් ඇය ඉස්සරහා වුණොත් ඔහොම නිකන්ම නිකන් බලන් ඉන්නෙ නැතුව අඩුම තරමේ 119ට හරි Call එකක් දෙනවා කියලා.
ඔව් මං දන්නවා..ඒ වගේ සිද්ධියකදි 119 Call කරලා පොලිසියෙන් එනකොට වෙන්න ඕන ටික වෙලා ඉවර වෙලා තියෙයි. ඒත් අඩුම තරමේ අර උන්දැලා නිකන්ම නිකං සිද්ධිය Video කරද්දි ඇයට එහෙම දෙයක් හිතුණ එක වටින්නෙ නැද්ද...???
පිඹුරෙක් මුවෙක් දඩයම් කරන සිදුවීමක් Video කරන්න ඕන දුර්ලභව දකින්න හම්බෙන සිදුවීමක් වුණාට මිනිහෙක් කෙල්ලෙක් බෙල්ල හිරකරලා මරණ එක ඒ විදියෙ Video කරන දෙයක් විතරක් ද...???
මේ ටික තමයි මෝඩම හරිය.
ඒ මැරුණේ කාගෙහරි අම්මා කෙනෙක්ගේ දුවෙක්. තාත්තෙක්ගෙ දුවෙක්. එතන Video එකේ අඩන කොල්ලගෙ අක්කා කෙනෙක් නංගි කෙනෙක් වෙන්න ඇති.
නිකමට හිතුවොත් අපේ කවුරුහරි මහ දවාලෙ ඔහොම බෙල්ල මිරිකලා මරනවා බලන් ඉදලා සම්පූර්ණ සිද්ධියම Video කරලා Net එකට දාන එක විතරක් නම් එතන හිටපු මිනිස්සු කරේ අපිට මොනවා හිතෙයිද...??
මං කියන්නෙ නැහැ දුවගෙන ගිහිල්ලා ඌට ගහලා කෙල්ල බේරගන්න කියලා..
එතන හිටපු එක කොල්ලෙක් කියපු විදියටම එතන කී දෙනෙක් හිටියද...??
අඩුම තරමේ අනිත් එකාගෙ කණට කරලා රහසින් "Video කරන්න Video කරන්න" කියනවා වෙනුවට
"ඕයී ඕයී ඕකිව ඇතෑරපං යකොව්"
කියලා කට්ටියත් එක්කම ඒ හිතපු තැන ඉදලම හයියෙන් කෑ ගැහුවනම් ඒ ඇතිවෙන තිගැස්ම සහ කලබලය එක්ක ඌ ඒ කෙල්ල අතෑරලා දුවන එකක් නැද්ද...???
අඩු ගාණෙ ඒ හිටපු වාහනේ ඉදන්ම දිගටම හෝන් එක ගැහුවනම්..???
නෑ මං අහන්නෙ ඔයිට වඩා දෙයක් කරන්න තිබුණෙම නැද්ද...???
මං දන්නවා මේකට වැටෙන Comments...
සමහරු කියයි බුකියෙ ලියන එක ලේසියි කරන එකට වඩා කියලා..
ඒත් මම මේ ලියන්නෙ ඒ සිදුවීම ගැන තාම තියෙන ෂොක් එකෙන්.
මට මතකයි මීට කාලයකට කලින් ඕස්ට්‍රේලියාවෙදිද කොහෙද අර සාප්පුවක් කොල්ල කල්ල ආපු මිනිස්සු දෙන්නෙක්ට කොල්ලෙක් ගහලා උන්ව එලවලා තිබ්බා.
අපි ඒක ගැන කතා කරා හරි ආඩම්බරයෙන්.
එතකොට මේ සිදුවීම ගැන අපිට ලැජ්ජ හිතෙන්න ඕන නැද්ද.
මං දන්නෑ.. මටනම් ලැජ්ජයි..
මං ඔතන හිටියත් Film වල වගේ කෑ ගහගෙන දුවගෙන ගිහින් කොල්ලට ගහලා කෙල්ල බේරගන්නවා කියලා නෙවෙයි මේ කියන්නෙ. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන උන් එහෙම හිතුවට මට ගාණකුත් නැහැ.
එතන වුණේ T56 ගත්ත හොර කණ්ඩායමක් බැංකුවක් මංකොල්ල කන එකක් නෙවෙයිනෙ.
ඉතින් හිතක් පපුවක් තියෙන මිනිස්සු විදියට අපිට උන් එතනදි කරාට දඩා දෙයක් කරන්නම බැරිද ??
මං අහන්නෙ එතන හිටපු මිනිස්සු කිසි ගාණක් නැතුව ගෙදර ගිහිල්ලා නිදාගන්නෙ කොහොමද ..???
- ප්‍රමිත් ගනේආරච්චි
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment