උපන්දින තෑග්ග

ඇයගේ උපන්දිනයට තෑග්ගක් ගන්න දහඅතේ කල්පනා කරත් හොද තෑග්ගක් ඔලුවට ආවේම නෑ... පස්සෙ තීරණයක් ගන්නෙ නැතුවම එළියට බැස්සෙ town එකට ගිහිල්ලම බලනවා කියලා හිතාගෙන...
ටික දුරක් ඇවිදගෙන යනකොට එක පාරටම තෑග්ගක් මතක් වුණා..
මූණට ආපු හිනාවක් එක්කම කඩේට ගිහින් තෑග්ග අරගෙන ලස්සනට පැක් කරගෙන ගෙදර ගියා...
හෙට තමයි දවස...
පුරුදු විදියට රතු පාට කුඩේ ඉහළගෙන එයා සුපුරුදු ආඩම්බර ගමනින් ඇවිදගෙන එනවා...මං තෑග්ගත් අතේ තියාගෙන බලන් ඉන්නවා....
ආහ් නංගි මෙන්න ඔයාට මගෙන් පුංචිම පුංචි තෑග්ගක්...
- හානේ මොනාද අයියේ...ඔයාට මාව මතක් වුණා නේහ්...කෝ බලන්න..ආහ් මේ මොකක්ද ..කණ්නාඩියක් ??? ඒත් මට මොකටද අයියේ කණ්නාඩියක් ?
නෑ ඉතින් ඔයා හිතන් ඉන්නෙ ඔයා හරි ලස්සනයි කියලනෙ...ඒකනේ ඔච්චර ආඩම්බර... ඔයාගෙ Photo වලට facebook එකේ වැටෙන comment වල කියන තරමටම ඔයා ලස්සන නෑ නංගි...බොරුනම් ඔය බලන්නකො...!!! 😁😂
- මෝඩයා මං තරහම තරහයි...!!! මෙයාට තමයි ලස්සන නැත්තෙ..අනිත් ඔක්කොටම ලස්සනයි..
ඒ මොකද දන්නවද? ඒ ඔයාට ඇත්ත කියන්නෙ මං විතරක් නිසා නංගි...අනිත් ඔක්කොම කියන්නෙ බොරු...!!! 😁😂
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment