අවුරුදු 6ක්...!!!

2011/02/03
-----------------------
කම්මැලි දවසක්.Clz එකේ ළමයි හිටියෙත් නෑ වැඩිය...එයාව හම්බුණා
පඩිපෙළේදි කතා කරා..අදනම් සතුටු දවසක්..එයා හිනාවෙනකොට ලස්සනයි..එයාගෙ කොණ්ඩෙ අල්ලන්න ආස හිතුණා...ඒත් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියා...මං එයාට කැමතියි ගොඩක්..එයා දන්නෙ නෑ තාම ඒක...
_____________________________
2017/02/03
------------------------
සමහරු අපේ ජීවිතයට එන්නෙ අපි නොහිතන විදියකට...හැබැයි එයාලා අපිට දීලා යන දේවල් දවසක අපිත් එක්කම මේ මහ පොළොවට පස් වෙලා යනකන්ම අපේ හදවතේ ගැඹුරුම තැනක සුවද දිදී තියෙනවා...
එදා මතක හිටපු විදියට වැස්සෙ නැති වැහිබර දවසක්...චූටි වැහි පොදයක් වැටුණත් ඒක ගණන් ගත්තෙ නැතුව අඩියට දෙකට නුගේගොඩ නාවල පාරෙ ඇවිදගෙන ඇවිල්ලා clz එක තියෙන බිල්ඩිමට පැන ගත්තා.. මතක විදියට ඇදන් හිටියෙ කොළ පාට මහත ඉරි තිබ්බ Shirt එකක්...තාමත් ඒක අල්මාරියෙ දාල තියෙනවා එදා දවස මතක් වෙන්න..ඒ දවස්වල කොණ්ඩෙ පැත්තට හදන්නෙ..!!!
වැස්ස ගතිය නිසා හිතට ආපු කම්මැලිකමත් එක්ක වැඩක් කරන්න නම් කිසි උවමනාවක් තිබ්බෙ නැති වුණාට හෙමින් හෙමින් පඩිපෙලෙන් උඩට නැග්ගෙ එයාව ටිකක් බලන්න...
දොරෙන් ඇතුලට ආවෙම මුළු පන්තිය පුරාම බැල්මක් දාගෙන...ඒ කොහේ හරි හැංගිලා තියෙන ඒ මුහුණ බලාගන්න...එයා නෑ...!!!
ගෙදර යන්නෙ නැතුව කරගත්‍ත ගොන්කමක මහත...දැන් ඉදපංකො පැය ගාණක් වේලි වේලි..😏කරගත්ත වැඩේට හිතින් බැන බැන පුටුවකින් වාඩිවුණත් කිසි දෙයක් කරන්න හිතුණේ නෑ...
කොහොමහරි අමාරුවෙන් කාලය ගෙවාගෙන පන්තියෙන් එළියට එනකොට එළියෙ වැස්සේ නැතත් මගේ හිතේ නම් අකුණු ගහ ගහ වහිනවා ඒ මූණ බලාගන්න බැරිවෙච්ච එකට...😔පඩිපෙළ බැහැලා එනකොට මෙන්න ඉන්නවා ඒ සුරංගනාවිය...😍ඇති යාන්තම් යන්න කලින් මූණ බලාගත්තා...කලින් කතා කරලා නොතිබුණත් හරි සුපුරුදු ලෙංගතුකමකින් වගේ එයා දොඩමලු වෙන්න පටන් ගත්තා....
ටික වෙලාවක් කතාකර කර ඉන්නකොට කොල්ලගේ අතේ තිබ්බ ෆයිල් එකෙන් "සලාං" ගාලා අඩිරූලක් බිමට වැටුණා...😁ඒක ඇහිදලා දුන්නේ එයාද නැත්තන් මං අහුල ගත්තද කියලා අද මතක නෑ...
ටික වෙලාවක් කතා කර කර ඉදලා හෙට හම්බවෙමු එහෙනම් කියලා බිල්ඩිමෙන් එළියට බැහැලා එළියට බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියා...එදා ඇරඹුණු ඒ නිමක් නැති කතාව කිසිදා සුව නොවෙනා සුන්දර රිදුමක් වගේ අදටත් හිත කොනිත්‍තනවා...
ඒත් ඒ සියුම් රිදිල්ලට තාමත් පසුතැවිල්ලක් නැතුව ආදරය කරනවා...
අදටත් එතනින් යද්දි ඒ බිල්ඩිම දිහා බලාගෙන යන්නෙ එයාව හම්බුණේ එතනදි නිසා...
අවුරුදු 6ක් ගෙවිලා ගිහින් ඒ දවසට...!!!
ඇහේ කොනෙන් ගලාගෙන ආපු කදුළු බින්දුවක් වැටිලා කොළයේ පෙබරවාරි 03 කියන තැන බොද වුණේ මට නොදැනීමයි...

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment