අහිමි හීන

මතක විදියට Exam එක ඉවර කරලා නිදහසේ බෝඩිමට වෙලා හිටපු ඉරිදා දවසක්...
ඒ වගේ දවසක Lap එක දාගෙන Film බලනවා වගේ වැඩක් මිසක් වෙන වැඩක් කරන්න හිතෙන්නැති මටම ආවේණික කම්මැලිකමත් එක්ක එකතු වුණු අව්වෙ සැර නිසා එළියට බහිනවා කියන එක ඉතින් වහක් තමයි..කොහොමහරි බඩගින්නකුත් ආපු නිසා මරන්න වගේ ලෑස්ති වෙලා එළියට බැස්සා...
පාරට යනකොට ආපු පළවෙනි වීල් එකටම නැග්ගෙ town එක පැත්තට යන්න...
වීල් එකේ මහා හයියෙන් සින්දුවක් දාලා...
අර අලුත් මනමාලියෙක් කැන්දන් එන්නද රන්කුඹලෝ ගෙයක් හදන්නේ වගේ කතාවක් තියෙන සින්දුව...
සින්දුව ලොකුවට මතක නැති වුණාට pitch out කියලා තේරෙනවනෙ...
Musical Show එකක live කියන එකක් වෙන්නැති කියලා හිත හදාගෙන ටික් දුරක් ආවා...
ඒක ඉවර වෙලා "පහන තියා බුදු සාදුට" සින්දුව play වෙන්න ගත්තා...
ඒක අරකට අන්තයි..පට්ටම out sing කරන්නෙ..
කොහොමහරි ඉවසන් ඉන්න බැරිම තැන මං ඒ මනුස්සයාගෙන් ඇහුවා මේ Radio එකද දාලා තියෙන්න නැත්තන් කැසට් එකක්ද කියලා...මොකද මේ වගේ පට්ටම Out Sing කරන එකක් කොහෙන්ද මේ මනුස්සයා හොයාගත්තෙ කියලා හිතුණ නිසා...ඒ තරම් Out...
ඒ මනුස්සයා පිටිපස්සට හැරිලා අහිංසක විදියට හිනාවෙලා මට කියනවා..
"මං මහත්තයෝ ඔය කියන්නෙ කියලා"
මට එක පාරට පුදුමයක් ආවා..ඒ වගේ කතාවක් අහපු පළවෙනි අවස්ථාව...මේ මනුස්සයාට ඇත්තටම පොඩ්ඩක්වත් සින්දු කියන්නම බෑ...
ඒත් එයා තමන් කියන සින්දු ටිකක් record කරලා තමන්ගේ Wheel එකේ යන මිනිස්සු ටිකට ඇහෙන්න හරි දාගෙන යනවා...ඒකෙන් ඔහුට තෘප්තියක් ලැබෙනවා ඇති..සමහරු ඉතින් රසවිදිනවත් ඇති ඒවා...
මට ඒ සිද්ධිය වුණ වෙලාවෙ එක පාරට හිතට ආපු දේ මොකක්ද කියලා හරියටම වචනවලින් ගළපන්න බෑ...සමහරවිට ඔහු ගායකයෙක් වෙන්න කැමැත්තෙන් හිටපු මනුස්සයෙක් වෙන්නැති...
"සින්දු ටික හොදයි" කියලා ඇත්ත තත්වයෙන් සෑහෙන්න එහා බොරුවක් කියලා ඉතුරු ගත්තෙවත් නැතුව රුපියල් 100ම දීලා හිනාවෙලා බැහැලා කඩේට ගියා...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment