"අදුරන කෙනෙක්"

පාර දිගේ කපල් එකක් ඇවිදගෙන එනවා...
මං හිටියේ Town එකේ රෑ කෑම කන ගමන් ..
කොල්ලගෙ අතේ එල්ලිලා කඩේ පැත්තට එන මූණ දන්න කියන මූණක් වගේ එකක්..

වීදුරුවෙන් හරියටම මූණ පේන්නෙ නැති නිසා හිතුණේම "අදුරන කෙනෙක්" කියලා..
කකා හිටපු බත් එකත් එපා වෙලා පපුවෙ අමාරුවකුත් හැදෙනවා තව පොඩ්ඩෙන්...
කොහොමහරි දොර ගාවින් ඇතුළට ආවම තමයි හිත පොඩ්ඩක් නිදහස් වුණේ...
වෙන කෙල්ලෙක්..!!! යාන්තන් ඇති...
කාලයක් අසීමාන්තික "ලෝබකමකින්" ළගින් තියාගත්ත, "ආදරය කරපු" අය ගතෙන් අත් හැරියට සිතින් අත් හැරලා නෑ කියලා තේරුණා ඉතින්...
කොච්චර කිව්වත් "ආදරේ කරපු" කෙනෙක් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින එක ගණන් ගන්නෙ නැතුව ඉන්න පුළුවන් කියලා හිතුවට ඒ වගේ අවස්ථාවක් ඇත්තටම ආවම තමයි තේරෙන්නෙ ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි කියල...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment