වෙනස් වෙන්න ඕන අපි..!!!

අද වෙච්ච සිද්ධියක් හින්දා පොඩි දෙයක් මතක් වුණා...
වෙනදට ගේ ඉස්සරහින්ම බැස්සට අද බස් එකෙන් බහිද්දි ඒ බස් ඩ්‍රයිවර් ගේ ඉස්සරහින්ම දාලා යන්නෙ නැතුව පොඩ්ඩ දුරක් ඉස්සරහට අරන් ගිහින් හරි විදියට බස් හෝල්ට් එකෙන්ම තමයි බැස්සුවෙ...
දැන් ඉතින් බස් ඩ්‍රයිවර්ට හොදවයින් දෙකක් කියල එන්න තරම් කේන්තියි....ඇයි මේ යකා අපිව ඉස්සරහට අරන් ගියානෙ...ඒත් ඉතින් හිතලා බැලුවම ඇත්තටම අපි ඇයි ඒ කේන්ති අරන් තියෙන්නෙ? අපි හිතනවා ඒ මිනිහා විනය කඩලා අපිව ගේ ගාවින් දාලා යන්න ඕන කියලා...
තවත් උදාහරණයක් ගත්තොත් අපි බැංකුවකට ගියොත් පෝළිමක් තියෙනවනම් අපි හැමවෙලේම බලන්නෙ අදුරන කෙනෙක්ට කතා කරලා පෝළිමට පිටින් වැඩේ කර ගන්නනෙ...එතකොට අදුරන කෙනෙක් නැති නිසා පෝළිමේ ඉන්න මිනිස්සු ???
පුංචි කාලෙ ඉදන්ම අපි පුරුදු වෙලා තියෙන්නෙ විනය කඩන්න...විනය කඩලා හරි අපේ වැඩේ පහසුවෙන් කරගන්න...
ඉතින් අපි අපි ගැනම ස්වයං විවේචනයක් කරලා බැලුවම ඇත්තටම පේනවා රටේ විනය හදන්න කතා කරන්න කලින් අපි අපේ විනය හදාගන්න ඕන කියලා..
මහත්මා ගාන්ධි ද කොහෙද කියලා තියෙනවා නේහ් ලෝකය තුළින් ඔබ දකින්න කැමති වෙනස ඔබ තුළින් පටන් ගන්න කියලා..
අන්න ඒ වගේ ලෝකය වෙනස් කරන්න කලින් ඇත්තටම වෙනස් වෙන්න ඕන අපි..!!!
ඒත් ඉතින් වෙන කෙනෙක්ට හැදෙන්න උපදෙස් දෙන එක තරම් තමන් හැදෙන එක ලේසි නෑ...
මේක අර වැලන්ටයින් කාලෙ සමහර අයියලා නංගිලාට සෑහෙන්න ආදරෙන් කොල්ලත් එක්ක එහෙමෙහෙ ගිහින් "වටිනාකම්" නැති කරගන්න එපා නෙළුම් මල් අරන් පන්සල් යන්න කියලා උපදෙස් දීපු type එකේ post එකක් නම් නෙවෙයි...
හැබැයි අපි වෙනස් නොවී රටක් වෙනස් වෙයි කියලා හිතන් ඉන්නවනම් ඒක නිකන් අර කන්‍යාභාවය රැකගන්න කියලා සංසර්ගයේ යෙදෙනවා වගේ වැඩක් විතරයි..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment