මීතොටමුල්ල සහ කුණු දේශපාලනය

"ඔබ මා එක්කළ ටොපි කොළයට ඔවුහු ජීවිතයෙන් වන්දි ගෙවූහ."
රෙද්ද...!!!
මේ කඩන් වැටුණු ගෙයක සුන්බුන් වලට අහුවෙලා මැරුණු කාන්තාවකගේ බොද කරපු වත් නැති photo එකක් එක්ක දාල තිබුණු වාක්‍යයක්...
ඒ photo එකේ ඉන්න කාන්තාව පෙරේද උදේ වෙනකොට ජීවත් වෙලා හිටපු කාන්තාවක් නිසා මං ඒ photo එක මේ කතාව කියන්න ගත්තෙ නෑ..
අපි සමහරු ටොපි කාලා කොළ දාල ඇති. මයිලෝ බීලා පාරෙ දාලා ඇති...කිරි පැකට් එකක් බීලා ඉවර වෙච්ච කවරේ පාරෙ දාල ඇති...
ඒවා ඒ කුණු ගොඩේ තියෙන්න ඇති...
හැබැයි ඒ වගේම අපි මයිලෝ එකක් බීලා Dustbin එකටම ඒක දාල ඇති...ටොපි කොළය ඒකට දාල ඇති..සමහර විට බෑග් එකේ දාගෙන ගිහිල්ල ගෙදර කුණු බක්කියට දාන්න ඇති...කිරි පැකට් එක අතේ ටික දුරක් අරන් ගිහින් Dustbin එකට දාල ඇති...
තවත් කිව්වොත් දිරන අපද්‍රව්‍ය වෙනම, නොදිරන අපද්‍රව්‍ය වෙනම කවර වලට දාල කුණු ලොරියට බාර දීල ඇති...
එතකොට අපි Dustbin එකට දාපු ටොපි කොළය, හරි විදියට වෙන වෙනම එකතු කරලා ලොරියට දීපු කුණු කවර මීතොටමුල්ල කුණු ගොඩට යන්නෙ නැතුව උන් ඒව ගෙදර ගෙනිහින්ද? එහෙම නැත්තන් උන් ඒව කාලද?
පාරෙ ටොපි කොළ දාන උන්ගෙ ඉදන් මහ පාරෙ කෙළ ගහන උන්ට පවා 25000ක විතර දඩයක් ගහන්න ඕන...ඒක වෙනම කතාවක්...මොකද අපේ උන්ගෙ කුණුවෙච්ච ආකල්ප වෙනස් කරන්න හුරතල් කර කර ඉදලා බෑ...එව්වා වෙනස් කරන්න අපේ උන්ව මකවලා ගන්න ඕන..
හැබැයි මේ ප්‍රශ්නෙට හේතුව ඊට වඩා වෙනස්..
තමන්ගෙ වැරැද්ද වහගන්න මොකෙක් හරි කුණුවෙච්ච දේශපාලකයෙක් හරි මොකෙක් හරි සමාජ ගත කරන්න හදන තක්කඩි මත ඔලුව උඩ තියාගෙන බොරුවට දැගලුවට වැඩක් නෑ...
සමහරු මේකෙ මේ පැත්ත නොදැන මේ මතය කියනවා...
ඒත් තවත් සමහරක් ප්‍රශ්නය විසදන්න,ඒවට උත්තර හොයන්න බැරි වෙච්ච අසමත් වෙච්ච කාලකණ්නින්ගෙ පස්ස පැත්ත ලෙවකන්න "ටොපි කොලේ පාරෙ දැම්මෙ නැත්තන් ඒ මිනිස්සු මැරෙන්නෙ නෑ" වගේ සීනිබෝල කතා සමාජගත කරනවා...
වැරදියට පාරෙ දාපුවා වගේම හරි විදියට බැහැර කරපුවත් ඔය කුණු ගොඩේ තියෙනවා...
අන්තිමට කියන්න තියෙන්නෙ ඒ මිනිස්සු මැරුණෙ අපි දාපු ටොපි කොළේ නිසා නෙවෙයි උඹලා අපි තෝරගත්ත ඡන්දේ දීලා පත් කරපු අසමත්,දුර්වල,සැලැස්මක් නැති,කයිවාරු පමණක් ඇති තක්කඩි දේශපාලකයො නිසා...
ඒ නිසා කරුණාකරලා ජනප්‍රියවාදී පුහු විකාර පස්සෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව දුවන එකයි එක එකා පස්සෙ බැටළු රංචුවක් වගේ දුවන එකයි දැන්වත් නවත්තලා ස්වාධීන මිනිස්සු වගේ හිතමු...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment