ත්‍රස්තවාදීන්ට දිය යුතු පිළිතුර...!!!


අපේ රට වසර 30ක් යුද්ධයකට මැදිව තිබු රටක්... යුද්ධයක් කිව්වට මේක රටවල් දෙකක් අතරවත් ජාතින් දෙකක් අතරවත් යුද්ධයක් නෙවෙයි..ඒ යුද්ධය ඇවිල්ල ත්‍රස්තවාදීන් එක්ක තිබ්බ යුද්ධයක්... ඒ යුද්ධයට අපි එක එක විදියට උත්තර හොයන්න උත්සහ කළා.. ඒ අතරින් එක ක්‍රමයක් තමයි ත්‍රස්තවාදීන් එක්ක සාකච්ඡා කරපු එක.. හැබැයි සාකච්ඡා කියන ඒවා නොතේරුණු මිනීමරු ත්‍රස්තවාදීන්ට ඒ බෙහෙත හරි ගියේ නෑ.. අවසානයේ ඔවුන්ට දුන්නේ ඔවුන්ම ඉල්ලපු තිත්ත සැර බෙහෙතය...ඔවුන්ට හිතේ හැටියට එය හම්බ විය...එතනින් ත්‍රස්තවාදය නිමා වුනා..
ඒ කතාව මතක් කරේ LTTE ත්‍රස්තවාදය ගැන කතා කරන්න නෙවෙයි.. මේ කතා කරන්නේ අද මේ රට වෙලාගෙන තියෙන තවත් එක්තරා විදියක ත්‍රස්තවාදයක් ගැන... එකක් තමයි වෘත්තීය සමිති ත්‍රස්තවාදය... අනිත් එක තමයි අන්තරේ ත්‍රස්තවාදය... මේ ත්‍රස්තවාදීන් දෙගොල්ලොම එකම බෝට්ටුවේ..මේ ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකම ප්‍රාණ ඇපයට ගන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව... මේ ත්‍රස්තවාදීන් දෙවෙනි වෙන්නේ එදා ප්‍රභාකරන් විසින් උතුරේ ලක්ෂ ගාණක් ප්‍රාණ ඇපයට තියාගෙන තමන්ගේ පණ බේරගන්න දරපු නීච උත්සාහයට විතරයි..
මේ ත්‍රස්තවාදීන්ගේ අලුත්ම බිල්ල අපි දැක්කේ ඊයේ..උදේ කෝච්චියේ වැඩට ආපු මිනිස්සුන්ව හවසට ගෙදර යන්න විදියක් නැතුව ප්‍රාණ ඇපයට ගත්ත එක... දස අතේ තෙරපිලා කෝච්චියේ වැඩට ඇවිල්ලා දවස තිස්සේ මහන්සි වෙලා තමන්ගේ වැඩ රාජකාරි ටික කරලා දෙයියනේ කියල හවසට ගෙදර යන්න එනකොට කිසිම පුර්ව දැනුම්දීමක් නැතුව ත්‍රස්තවාදීන් ටික වැඩ අල්ලලා...ඒ තමන්ගේම පන්තියේ සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපයට අරන් වැඩ වර්ජනයක් දියත් කරලා.. වැඩ වර්ජනයක් කරන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් ගැන පිළිගත් සම්ප්‍රදායක් ලෝකයේ තියෙනවා... ගහෙන් ගෙඩි එන්න වගේ හිතුනු හිතුනු ගමන් වැඩ වර්ජන කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ...
මේ සිදුවීමේ තියෙන අනිත් බරපතලම දේ තමයි මේක රටේ දරුවන් කණ්ඩායමකගේ ජිවිතයේ අතිශය තීරණාත්මක කඩයිම් විභාගයක් පැවැත්වෙන කාලසීමාවක් වීම... මේ දවස්වල ඔවුන්ගේ මානසිකත්වය සමබර විදියකට තියෙන්න ඕන ඔවුන්ට උසස් පෙළ විභාගයට හරියට මුහුණ දෙන්න... දැන් මේ වැඩ වර්ජන කරන ත්‍රස්තවාදීන් මේ වගේ සංවේදී කාරණාවක් ගැනවත් එක තඹ සතයකට මායිම් කරන්නේ නැතුව තමයි මේ වැඩ කරන්නේ.. මිනිහෙක් වුනාම අවම සදාචාරයක් කියලා දෙයක් තියෙන්න ඕන.. ඒ අවම සදාචාරයවත් රකින්න බැරිනම් ඔවුන්ට මිනිස්සු කියන්න බැහැ.. එහෙමනම් ඔවුන් තිරිසන්නු.. එයේ දවසේ දුම්රිය සේවක ත්‍රස්තවාදීන් ටික ඔප්පු කරේ ඔවුන්ට ඒ අවම සදාචාරයවත් නැහැ කියල...
හැබැයි අඳුරු වලාකුලක රිදී රේඛාවක් දකිනවා වගේ මම ඊයේ මේ සිද්ධිය ඇතුලේ එක හොඳක් දැක්කා... මෙච්චර දවස් මේ වගේ අවස්ථාවක් වුනාම කට්ටිය ටික එකතු වෙලා වර්ජකයන්ට බැන බැන ඉදලා කොහොමහරි ගෙවල් වල යනවා... හැබැයි ඊයේ තත්වය වෙනස් වුණා.. එච්චර දවසක් මිනිස්සුන්ගේ තිබුණු ඉවසීම ඊයේ පුපුරලා ගියා... අපි TV එකේ දැක්කා වර්ජනය කරපු ත්‍රස්තවාදීන්ට ප්‍රාණ ඇපයට ගත්ත මහජනතාව එලව එලව පහර දුන්නා...ප්‍රචණ්ඩත්වය කියන එක හැම වෙලාවේම අනුමත කරන්න බැරි වුනත් මිනිස්සුන්ටත් ඉවසීමේ සීමාවක් තියනවා... ඒ ඉවසීමේ සිමාව පැන්නට පස්සේ මිනිස්සු ගන්න තීරණ හොඳ නරක ගැන සාධාරණව හිතල බලල ගන්න තීරණ නොවෙන්න පුළුවන්... ඒ නිසා මේ රටේ මහජනතාව ප්‍රාණ ඇපයට අරන් තමන්ගේ බලය පෙන්නන්න හදන අයත් දැන් ඉදන් පරිස්සමින් ඉන්න... මොකද මෙච්චරකල් සිද්ධ වුන විදියට තව දුරටත් හැමදාම වින්දිතයාම විතරක් වෙන්න ජනතාව සුදානම් නෑ කියලා ඊයේ ඔවුන් ඔප්පු කරා...ජනතාව ඊයේ පෙන්නුවා තමන්ව ප්‍රාණ ඇපයට ගන්න ලෑස්ති වෙනවනම් අපිත් අපේ බලය පෙන්නන්න ලෑස්තියි කියල...!!!
මේ ගොඩ නැගෙන මහා පොදු ජනතා ජනතා බලයට ජයවේවා..!!!
- ප්‍රමිත් ගනේආරච්චි
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment