විවාහය අමු අඹයක්ද..???


විවාහය සම්බන්ධ ජනප්‍රියම කතාවක් තමයි විවාහය හරියට අමු අඹයක් වගේ කියන එක.
ඒකෙ තේරුම තමයි අමු අඹ කනවා බලන් ඉන්නකොට කන්න ආස හිතෙනවලු. ඒත් කද්දි තමයි ඇඹුල දැනෙන්නෙ කියන එක..විවාහ ජීවිතයත් බලන් ඉද්දි ආසයි ලු...ඒත් පවුල් කද්දි අමාරුයි ලු...
මේක මෙහෙමම ද...??? මම මේ කතාවට පුද්ගලිකව පොඩ්ඩක්වත් එකග නැති මනුස්සයෙක්..
තවත් ටිකක් ඒක නිවැරදිව කිව්වොත් මම හිතන්නෙ විවාහය අමු අඹයක් කරගන්නවද, හොදට ගහේම පැහිලා ඉදුණු රහම රහ අඹ ගෙඩියක් කරගන්නවද කියන එක සම්පුර්ණයෙන්ම ඒ අදාළ පුද්ගලයෝ දෙන්නගෙම අතේ තියෙන දෙයක්..
අපි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න දෙය තමයි "කොහොමත් බැන්දම ඔහොම තමයි" කියලා හිත හදාගන්න එක. "හැමෝටම ඔහොම තමයි" කියලා හිතාගෙන ඉන්නවා...
මේක සම්පූර්ණයෙන්ම වැරදියි..
බෞද්ධයො විදියට අපි දන්නවා බුදු හාමුදුරුවෝ කියනවා සෑම ඵලයකටම මුල් වූ හේතුවක් තියෙනව කියලා.. ඒ හේතුව නැති වේ නම් ඵලයද නැති වේ කියලා...එහෙම නම් මේ විවාහ ජීවිතය නීරස වීම කියන එකටත් හේතුවක් හෝ හේතු කිහිපයක් තියෙන්නම ඕන.. අනිත් අතට ඒ හේතුව හෝ හේතු කීපය නැති කරන්න පුළුවන්නම් "විවාහය නීරස වීම" කියන ඵලය නැති කරගන්න බැරි වෙන්න හේතුවක් නැහැ.
නිකමට හිතන්න අපි ආදරේ කරන කාලෙදි අපේ Girlfriend ට Boyfriend ට දවසට කී සැරයක් I Love You Baba හරි Petiyo හරි මොකක්ම හරි කියලා කී සැරයක් කියනවද...???
අපේ ජීවිතයට එයාව කොච්චරක් වටිනවද කියලා කී සැරයක් අපි කියනවා ඇද්ද..??
You are the best thing ever happened to me කියලා කී සැරයක් කියලා ඇද්ද...
එහෙම ආදරේ කරපු දෙන්නෙක් කසාද බැන්දමත් ඒ දේවල් කී සැරයක් එහෙම කියනවා ඇද්ද...
Wife උයපු කෑම ටික නිකන්ම නිකන් ගල් ඉබ්බෙක් වගේ ගිලින්නෙ නැතුව 'ෂහ් හරි රහයි" කියලා කෑවොත් ඇගෙන් ඇටයක් යයිද..??
මුස්පේන්තු කමට මූණ එල්ලන් ඉන්නෙ නැතුව ඕන හැම දේම දෙන්න බැරි වුණත් Husband තමන් වෙනුවෙන් කරන දේවල් ගැන එක වචනයකින් හරි අගය කරොත් ඇගෙන් කෑලක් යයිද...???
දවස පුරාම ගෙදර වැඩ කරපු Wife නිදාගන්න යනකොට ටිකක් ළගට අරන් "මහන්සිද ඔයාට?" කියලා ඇහුවොත් ඒ Wife ට ආයෙ වෙන මොකුත් ඕන වෙයිද...???
මේ දේවල් වලට සල්ලි වියදම් වෙනවද..???
ක්රියාවළියේ පොඩි වෙනසක් කරලා බලන්න.. ප්රථිඵලයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙයි...
ඔබ ආදරය කරලා කසාද බැදපු දෙන්නෙක් නම් ඔබ ඔබේ ජීවිතේ "සතුට" කියන දෙයින් බරපතල කොටසක් එතනම ඔබ ඉෂ්ඨ කරගෙම ඉවරයි...
කවදාවත් කිසිම හේතුවක් නිසා ආදරේ නොකරන කෙනෙක් බදින්න එපා...!!!
විවාහයේ පදනම ආදරය...!!! ආයෙ ඒ ගැන් දෙපාරක් හිතන්න එපා...!!!
ආදරය නැති විවාහ ජීවිතයක් සත පහකට, ඔව් සත පහකට වැඩක් නැති දෙයක්.
අපි ආදරය කරන කාලෙදි කොයි තරම් හිතනවද "මේ වෙලාවෙ එයා මං ළග හිටියනම්" කියලා...
එහෙම පෙරුම් පුරපු කෙනාව හැම රැයකම තුරුළු කරන් නිදාගන්න හම්බ වෙන එක මොන තරම් සුන්දර වටිනා දෙයක් ද...!!!!
ආදරය කරලා බදින්න..ඔබ ආදරය කරපු කෙනාට ජීවිත කාලයක් පුරා ආදරය කරන්න, එයාගේ ලෝකේ ආදරයෙන් පුරවන්න හම්බවුණ අවස්ථාව අපතේ යවාගන්න නම් එපා...
ඒක මහා ලොකු අපරාදයක්...!!!
ආදරෙයි...!!! ❤️
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment